Colombo Today Local News

විපක්ෂයේ විරෝධය නිසා 19න් කරගන්න බැරිවුණ දේ ජවිපෙ 20 න් කරගත හැකියි – ජයම්පතී වික්‍රමරත්න

පාර්ලිමේන්තුවට 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීමේ විරුද්ධතාවක් නැති බවත් එහෙත් තවමත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ කඩ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ කඩ නැති බැවින් 20 වන සංශෝධනය ගෙන එන බවට ජනතා විමුක්ති පෙරමුණ පවසන කාරණාව සම්බන්ධයෙන් තමන් එකගතාවකට පත් වන්නේ නැති බව පවසන ඒ මහතා ප්‍රධාන පක්ෂ දෙක කැමැති වන්නේ නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට තවමත් ඉඩ ඇති බවද කියා සිටි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ප්‍රධාන පක්ෂ දෙක එකට එක්වී එකඟත්වයකට එන්නේ නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට තවමත් ඉඩ කඩ ඇතැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

එක්සත් වාමාංශික පෙරමුණ ලංකා සමසමාජ පක්ෂ බහුතර කණ්ඩායමේ මතය සහ ස්ථාවරය වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ‍ගෙන ඒම සුදුසු බව යැයිද ඒ මහතා කියා සිටි.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන සංශෝධනයට පාර්ලිමේන්තුවේදී සහාය දෙන බවත් පවසන ඒ මහතා ඒ සඳහා සහාය දෙන්නේ ජනවාරි 08 වනදා නව රජයට බලයට පත් වන විට දුන් පොරොන්දු වලට අනුව සම්පූර්ණ කළ නොහැකිව තිබූ බොහෝ දේ 20 වන සංශෝධනයට ඇතුළත් කර ඇති බැවින් යැයිද කියා සිටි.

යහපාලන රජය පත් වන විට දුන් පොරොන්දු ඉටු කිරීමට 19 සංශෝධනය සම්ම්ත කර ගැනීමට රජයට තුනෙන් දෙකේ බහුතරය නොතිබූ බව පෙන්වා දෙන ඒ මහතා ජනාධිපතිධූර බලතල ඉවත් කිරීම ඇතුළු කරුණූ ගණනාවක් 20 වන සංශෝධනයට ඇතුළත් කර ඇති බවද පවසන අතර 19 වන සංශෝධනය සම්ම්ත කර ගැනීමේදී එහි ඇති කරුණූ සම්පූර්ණ කර ගැනිමට නොහැකි වූ බවත් විරුද්ධ පක්ෂය සමග කේවල් කර ඇතැම් දේ අතහැරීමට සිදු වූ බවත් පෙන්වා දෙයි.

Related posts

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟ වීම ගැන බලධාරීන්ගේ අවධානය නැහැ – දුම්රිය ස්ථානාධිපතිවරු කියයි

colombotoday

කම්සැප විදින්න කෝටියක ත්‍රීවිල් උස්සලා

Admin

මිලියන 37,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

colombotoday

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර..

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, අතුරු වාර්තා ව්‍යවස්ථා විරෝධීයි.. සියල්ල බල ශුන්‍යයි

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday