Colombo Today Local News

නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමති සමග විවාද එපා. මහින්දට අවවාදයක්

මංගල සමරවීර අමාත්‍යවරයා දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට විවාදයකට එන්නැයි අභියෝග කිරීම හාස්‍යජනක බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ඊයේ (24)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයෝ මේ බව පවසා සිටියහ.

”ඔහු රට ගැන හෝ තමා ගැන ගරුත්වයක් නැති පුද්ගලයෙකි. ඔහු ජිනීවා මානව හිමිකම් සමුළුවේදී හුසේන් කුමාරයා අබියස දනින් වැටී තම රටේ ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බවට ස්තූති පූර්වකව පිළිගත් අයෙකි. එවැනි නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමතිවරුන්ට විදේශ ඇමතිකම් දුන්නෙ මොන රටේද?
ටැමිල්නෙට් වෙබ් අඩවියට අනුව ඔහු 2013 දී බෙදුම්වාදීන් සමග සිංගප්පූරු එකගතාවය ඇති කරගන්නා අවස්ථාවේ ඔවුන් අභියස හිගන්නෙක් සේ බැගෑපත්වී ඇත. ඔහු මානව හිමිකම් සමුළුවේදී පෙන්වන්නේ ඔහුගේ හිගන ගුණය බව පැහැදිලිව පෙනුනි. ”

එනිසා එවැන් පුද්ගලයන් සමග විවාදයට නොයන ලෙස ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ නියමුවන් වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

Related posts

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

colombotoday

කථානායක මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් කරයි

Admin

බින්ලාඩන් ඝාතනයේදී නිහඩව සිටි ජිනීවා කවුන්සිලය අපේ හමුදාවට චෝදනා කිරීම ප්‍රශ්නයක් !

colombotoday

මිත්තණියගේ නිවසට යන්න ආ තරුණයකුගේ මළ සිරුර පයාගල මුහුදු වෙරලෙන් හමුවෙයි

Admin

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

colombotoday

ජනපති හදිසියේම කාලෝ හමුවෙයි !

colombotoday