Colombo Today Local News

16 කණ්ඩායම මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වීමට සූදානම්… ආණ්ඩුවට අභියෝග කරන්න පුළුල් විපක්ෂ සන්ධානයක් බිහිවේ…

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම ඊයේ පස්වරුවේ විජේරාම නිලනිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මෙම හමුව ඉතා සාර්ථක බවත් විපක්‍ෂයක් ලෙස ඉදිරියේදී එක්ව කටයුතු කරන ආකාරය ගැන එහිදී සාකච්චා වූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පැවසීය.

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් පොහොට්ටුව යටතේ සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරගෙන යන බවද මන්ත‍්‍රීවරයා කීය. විපක්‍ෂයේ පුළුල් සන්ධානයක් ලෙස එක්ව වැඩ කිරීමට සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගිවිස ගත් බව හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

Related posts

ලොරි රථයකට කඩා වැටුණු අධි බලැති විදුලි රැහැන පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැදවයි

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර සියයකට වඩා හානී

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

විජේකලාගේ කොටි ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලය ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

colombotoday