Colombo Today Local News

මැලේසියා-ඉන්දුනීසියා තායිලන්ත ගිවිසුම් ගැන මම දන්නේ නෑ

සිංගප්පූරුව සමඟ අස්සන් කළ වෙළෙඳ ගිවිසුම අහෝසි කිරීමට හෝ එහි කොන්දේසි සංශෝධනය කිරීමට තමා පෞද්ගලිකවම මැදිහත් වන බව ජනාධිපතිවරයා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සමඟ ඊයේ (22දා) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
මේ අතර මැලේසියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය සමඟ වෙළෙඳ ගිවිසුම් තුනක් අස්සන් කිරීමට යෑමක් ගැන තොරතුරු තමා නොදන්නා බව ජනාධිපතිවරයා මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කොට තිබේ.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ ඊයේ (22දා) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් කළ විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ බව පැවැසීය.

මේ සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැරුණුවිට වෙළෙඳ හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු නිලධාරීන්, නීතිපතිවරයා සහ නීති සම්පාදක නිලධාරීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලික අවධානය යොමුවී ඇත්තේ එම ගිවිසුමේ නීත්‍යනුකූල භාවය පිළිබඳවය. මෙරට රැකියා ක්ෂේත්‍රයට, ආර්ථිකයට මෙන්ම ස්වාධීන වෙළෙඳ ප්‍රතිපත්තියටද බරපතළ තර්ජනයක් මේ ගිවිසුම හරහා මතුවී ඇතැයි එහිදී අවධාරණය කර ඇත. ගිවිසුමට අනුව සිංගප්පූරුවේ භූමි ප්‍රමාණයෙන් 8%ක් පමණ ශ්‍රී ලංකාවේ ආයෝජකයන්ට නිරාවරණය වන විට මෙරට සමස්ත භූමි ප්‍රමාණයම එරට ආයෝජකයන්ට නිරාවරණය වීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අවධානය යොමුව ඇත.

මේ ගිවිසුමේ ගැටලු සහගත තැන් කිහිපයක් ඇතැයි සාකච්ඡාවේදී පිළිගත් ජනාධිපතිවරයා ඒ පිළිබඳව සිය පෞද්ගලික අවධානය යොමු කරන බවද පවසා තිබේ. මේ ගිවිසුමේ ගැටලු සහගත තැන් පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දුන් ජනාධිපතිවරයා එම පැමිණිල්ලට අනුව සියලු පාර්ශ්ව කැඳවා සාකච්ඡා කොට ගිවිසුම අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත් කිරීමටත් එකඟ වී ඇත.

සාකච්ඡාව අතරතුරදී ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියගෙන් දිගින් දිගටම කළ කරුණු විමසීමේදී මැලේසියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය අතර අස්සන් කිරීමට නියමිතව තිබූ වෙළෙඳ ගිවිසුම් තුනක් සම්බන්ධව කරුණු ප්‍රකාශ වී ඇති අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා පවා නොදැන සිටි බව හෙළි වී තිබේ.

මව්බිම

Related posts

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල – පරීක්ෂණවලදී හෙළිවෙයි

colombotoday

නව ව්‍යවස්ථාව ෆෙඩරල් තමයි! ෆෙඩරල් ව්‍යවස්ථාවේ ඇලවූ ඒකීය ලේබලයත් සම්බන්ධන් ගලවා විසි කරයි…

colombotoday

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

colombotoday

ත්‍රිරෝද අලංකරණයට රජයෙන් අවසර – කොන්දේසි මෙන්න

Admin

කොළඹ වරායේ මහ ගින්නක් !

colombotoday