Colombo Today Local News

ගව ඝාතනයට එරෙහිව උතුරේ විරෝධතාවක්…

දිනෙන් දින උතුරේ ගව ඝාතනය වැඩිවෙමින් පැවතියද බලධාරීන් එයට එරෙහිව කිසිදු පියවරක් නොගැනීමෙන් සත්ත්ව හිංසාවන්ද උතුරේ වැඩිවීම හේතුවෙන් වහාම ගව ඝාතනය නවත්වන ලෙස ඉල්ලා ඊයේ (21දා) යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබිණි.

චාවකච්චේරි මංසන්ධියේ සිට ශිවසේනා නමැති සංවිධානයක් මඟින් මේ විරෝධතා පා ගමන චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පැවැත්විණි.

විරෝධතා පා ගමනේ නිරත වූවන් කියා සිටියේ වසරේ එක් දිනක ගවයා වෙනුවෙන් වෙන් කොට ඇති අතරම ආගමක් විසින් දේවත්වයෙන් සලකන ගවයාට වර්තමානයේ ඉතා කනගාටුදායක අවස්ථාවක් එළැඹ ඇති බවයි. සත්ත්ව හිංසනයද දැඩි ලෙසින් ව්‍යාප්ත වුවත් කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවීම සියල්ලන්ටම අවාසනාවන්ත ඉරණමකට මුහුණපෑමට සිදුව ඇති බවත් ඔවුහු පැවැසූහ.

ගව ඝාතනය වෙනුවෙන් ලබාදෙන බලපත්‍ර සියල්ලක්ම අවලංගු කොට උතුරේ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට බලධාරීන් කටයුතු කරන ලෙසට ඉල්ලා ඊයේ උදෑසන යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නගර සභා වෙතට විරෝධතාකරුවන් විසින් සන්දේශයක්ද භාරදීමට පියවර ගන්නා ලදී.

Related posts

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම : 100දෙනෙකු අත්අඩංගුවට

colombotoday

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday

“සමලිංගික විරෝධී, ඉස්ලාම් විරෝධී ට්‍රම්ප් අපට එපා“ කොළඹදී විරෝධතා !

colombotoday

UN සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මංගල රණවිරුවන් පාවා දෙනවා – එස්.බී.

colombotoday

74 වන අභිමාවත් නිදහස් දිනය අදයි..

colombotoday