Colombo Today Local News

මහින්දට එක්වෙනවානම් මෛත්‍රී අතහැර එන්නැයි ශ්‍රීලනිප 16 කණ්ඩායමට දන්වයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ඒකාබද්ද විපක්‍ෂයට එක්වන ඕනෑම අයෙක් හිටපු මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය පිළිගත යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් පවසයි.

පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර කිසිවෙකුට නායකයන් දෙදෙනෙක් සිටිය නොහැකි බවත් සිටිය යුත්තේ එක් නායකයෙක් පමණක් බවත් ඔහු මහින්ද රාජපක්‍ෂ පමණක් බවද එහිදී පැවසීය.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ‍්‍රිලනිප 16 දෙනා සමග පැවැත්වීමට නියමිත සාකච්ජා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර සිටි අතර ඉදිරි මැතිවණ සදහා තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් පමණක් බවත් තම පක්‍ෂ කොන්දේසි පිළිගත හැකි ඕනෑම අයෙකුට දොර විවෘත බවත් ඔහු එහිදී වැඩි දුරටත් පවසා ඇත.

Related posts

දකුණු කොරියාවට වැඩමකල ඥානසාර හිමිට සුවිශේෂී පිළිගැනීමක්

colombotoday

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

colombotoday

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

colombotoday

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

colombotoday

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

colombotoday