Colombo Today Local News

සයිටම් සිසුන් කොතලාවල පීඨයට බදවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට ආචාර්යවරුන්ගේ විරෝධය

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුලත්කර ගැනීම සම්බන්ධව අවම සුදුසුකම් යෝජනා කරමින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට තමන් විරෝධය පළ කරන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

කැබිනට් පත්‍රිකාව හරහා කොතලාවල ආරක්ෂක විෂ්ව විද්‍යාල වෛද්‍ය පීඨයට සයිටම් සිසුන් ඇතුලත් වීමේ අවම සුදුසුකම ලෙස දක්වා ඇත්තේ අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේදී ජීව විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් තුනක් සමත් වීම හෝ රාජ්‍ය වෛද්‍ය පීඨ සඳහා ඇතුළුවන සුදුසුකම් සපුරා තිබීම බව දැක්වේ.මේ සඳහා තම සංගමය විරෝධය පළ කරන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනුජ් වීරසිංහ මහතා සඳහන් කරයි.

ජීව විද්‍යා විෂය ධාරාව යටතේ සී සාමාර්ථ 2ක් සහ එස් සාමාර්ථය සහිත අවම සුදුසුකම් නොමැති සිසුන් කොතලාවල ආරක්ෂක විෂ්ව විද්‍යාලයට ඇතුලත් කර ගැනීමත් ප්‍රමාණවත් පුහුණුවක් සහ ඇගයීමක් නොමැති සිසුන්හට කොතලාවල ආරක්ෂක විෂ්ව විද්‍යාලය හරහා උපාධිය පිරිනැමීමට විරෝධය දක්වන බවත් මාධ්‍ය නිවේදනයක් මගින් වීරසිංහ මහතා සඳහන් කරයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

 

Related posts

මානව හිමිකම් කොමසාරිස්‌ගේ කැකිල්ලේ ‘හයිබ්‍රිඩ්’ තීන්දුව මෙන්න!

colombotoday

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි. නව ආරක්ෂක ලේකම් මේජර් දයා රත්නායකද?

colombotoday

“ආණ්ඩුව දොඩවන පුරසාරම් ඔක්කොම බොරු.. ආණ්ඩුවට ඉලක්කයක් නෑ” රතන හිමි

colombotoday

කිළිනොච්චි කුමාරසාමිපුරම් ප්‍රාථමික විද්‍යාලය අසලින් ආයුධ හා පුපුරණද්‍රව්‍ය හමුවේ.

colombotoday

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

රනිල් වික්‍රමසිංහ ඉදිරි මැතිවරණවලට තරංග නොකරයි

colombotoday