Colombo Today Local News

“ගෝඨා මේ රට විපතට ඇද දමනවා“ – ඇමති මංගලගේ චෝදනාවට ගෝඨා දුන්නු අපූරු පිළිතුර…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ රට යළිත් ‘විපත් මගට’ ඇද දැමීමේ මහත් උත්සාහයක නිරත වී සිටින්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

වසර දහයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඥාති – ගජ – මිතුරු ආර්ථීක ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමුවා. රාජපක්‌ෂ යුගයේදී මුළු රට තුළම සුදු වෑන් සංස්‌කෘතියක්‌ බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන්ද රට හුදෙකලා වුණා. හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා රට නැවත වාරයක්‌ ‘විපත් මගට’ ඇද දැමීමේ මහත් උත්සහයක නිරත වන බව පෙනේ.

ශ්‍රී ලංකාවට මෙන් ම ලෝකයට ද සුදු වෑන් භීෂණය මුලින් ම හඳුන්වා දුන් ගෝඨාභය රාජපක්‌ෂ මහතා රට සංවර්ධනය කිරීමට නම් පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් තොරව සිටිය යුතු යෑයි මෑතක දී පවසා ඇත. අප රටේ බිහි වූ වඩාත් ම දූෂිතම සහ භයංකාර ම රාජ්‍ය නිලධාරියා වශයෙන් සැලකිය හැකි ගෝඨාභය රාජපක්‌ෂ මහතා මේ කතා කරන්නේ මැරී යළි උපදුණු කුඩා දරුවකු මෙන් ය. මේ වන විටත් ඔහුට විරුද්ධව අධිකරණය ඉදිරියේ හා පොලිසියේ පරීක්‌ෂණ රාශියක්‌ පවත්වමින් තිබේ”

මංගල සමරවීර අමාත්‍යවරයාගේ මෙම නිවේදනයට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ (20 වැනිදා) බදුල්ල පුරහලේදී පැවැති රට ගොඩනැඟීමේ ජාතික එකමුතුව සංවිධානය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමු රැස්‌වීමේ ආරාධිත කථිකයා ලෙස එක්‌වෙමිනි පිළිතුරු ලබා දුන්නේය.

එහිදි අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා “එදා රනිල් වික්‍රමසිංහ මහතාට බැහැ යෑයි කියා පෝස්‌ටර් ගැසුවේ ඔහුට පුළුවන් බව දන්නා නිසා යෑයි පවසන මංගල සමරවීර ඇමැතිවරයා අද මට විරුද්ධව චෝදනා එල්ල කරන්නේ මටත් පුළුවන් බව ඔහු දන්නා නිසා විය හැකි යෑයි“ කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා

“රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා. ආයෝජකයන් එන්නේ නැහැ. ජනතාවට අධික ලෙස බදු බරක්‌ පටවලා. මුදල් ඇමැතිවරයා ලෙස ඔහුගේ වගකීම වන්නේ රටේ ආර්ථිකය ගොඩනංවා ජනතාවට සහන සැලසීමයි. මේ සියලු ප්‍රශ්න පසෙක තබා ඔහු මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන්නේ මා ගැනත් ඔහු හොඳින් දන්නා නිසා විය හැකියි. මා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන විට කොළඹ නගරය සංවර්ධනය කරන්න ආයෝජකයන් ගෙන්වා ගත්තා. අද ඉන්න ඇමැතිවරුන්ට ආයෝජකයෙක්‌ ගෙන්නගන්න බැහැ. ඔවුන් අසාර්ථක පුද්ගලයන් බවට පත්වෙලා” යනුවෙන්ද ප්‍රකාශ කළා.

Related posts

කිරිඇල්ලගේ දියණියගේ ලිපියකින් මාර්ග සංවර්ධන අධිකාරියට 45 ක් සේවයට අරන්- ජනාධිපති කොමිසමේදී හෙළි වෙයි

colombotoday

නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි !!

colombotoday

නවසීලන්තයේ භූකම්පනයක්

Admin

තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි මරුට

Admin