කොටි ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය දා වන මැයි 18 වනදා දෙමළ ජාතියේ සංහාර දිනයක් ලෙස නම් කොට ජාත්‍යන්තර ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු යැයි උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය, දෙමළ සන්ධාන මන්ත්‍රී ආනන්දි ශශිදරන් ඉල්ලයි.
පෙරේදා 10දා පැවති පළාත් සභා සැසියේදී ඇය මෙම ඉල්ලීම කර ඇත.
කෙසේ වෙතත් ඇයගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පළාත්සභා සැසියේදී සලකා බලන බවට සභාපති සී.වි.කේ. සිවඥානම් දැනුම් දෙනු ලැබීය.