Colombo Today Local News

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද (06) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැති අතර ඒ සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරු, ඇමතිවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරු ඇතුළු 17 දෙනෙකු සහභාගී වී නැති බව වාර්තා වේ.

ඒ අනුව පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, උප නායක රවී කරුණානායක, පක්ෂ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, සාගල රත්නායක, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය වරුන් වන රන්ජන් රාමනායක, අශෝක අබේසිංහ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගේබණ්ඩාර, සුජීව සේනසිංහ, වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ, චමින්ද විජේසිරි, මයන්ත දිසානායක, එඩ්වඩ් ගුණසේකර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ චතුර සේනාරත්න යන මහත්ම මහත්මීන් රැලියට සහභාගී වී සිට නැත.

පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා අසනීප තත්වයක් හේතුවෙන් මෙවර මැයි රැළියට සහභාගී නොවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම පක්ෂයේ උපනායක රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරුන් අද මැයි දින රැළියට සහභාගි නොවූයේද අසනීප තත්ත්වය නිසා බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට අද දින අවමංගල්‍යක් යෙදී තිබූ බැවින් මැයි රැලියට සහභාගී නොවූ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් ඔහු ඊයේ (05) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ තමන් තදබල අසනීප තත්වයකින් පසුවන බවය.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීහිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෞද්ගලික හේතුන් මත මැයි දින රැළියට සහභාගී නොවූ බව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක හා එඩ්වඩ් ගුණසේකර යන මහත්වරුන් මැයි දින රැළියට සහභාගි නොවූයේ විදෙස් ගත ව සිටීම හේතුවෙන් බවද වාර්තා වේ.

එමෙන්ම පක්ෂ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ, චතුර සේනාරත්න යන මහත්වරුන්ද මැයි රැලියට සහභාගී වී සිට නැත.

 

Related posts

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

colombotoday

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

colombotoday

“රාජිත ත්‍රස්තවාදියෙක්… මිනීමරු ප්‍රා කල්ලියේ නායකයා ඔහුයි“ – ජවිපෙන් රාජිතට සැර ප්‍රහාරයක්

colombotoday

විදෙස් රටවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයින් ගෙන්වා ගැනීමේ තීරණයක්

colombotoday

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday