Colombo Today Local News

අපිව මේ පාරත් රැවැට්ටුවා.. රනිල් වහාම එජාප නායකත්වයෙන් ඉවත්විය යුතුයි – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් එජාප පසුපෙළ මන්ත්‍රීවරු රැවටීමට ලක්කල බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂයේ අනුශාසක වරයෙක් වශයෙන් සිටිය යුතු බවත් ඒ පිළිබදව කිසිවෙකුගේ අකමැත්තක් නොමැති බවත් ඇය සදහන් කරයි.

නායකත්වය පිළිබදව ඇති කලකිරීම නිසා තමන් මැයි රැළියට සහභාගී නොවූ බවත්, පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුද එම තීරණය ගෙන ඇති බවත් සදහන් කළ ඇය 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජය වුවහොත් ඔහු යලිත් විපක්‍ෂ නායක ලෙස කටයුතු කරනු ඇති වුවත් තමන් ඇතුළු මහජන නියෝජිතයන්ට ජනතාවට කීමට දෙයක් නැති වන බවද සදහන් කර සිටියාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම අදහස් පලකළේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන සමග එක්වෙමිනි.

Related posts

කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්

Admin

පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සනීපාරක්ෂක කම්කරු තරම්වත් අධ්‍යාපනයක් නැති නූගතෙක් – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday

සුදු නිළ ඇදුමට ආයුබෝවන්… පාසල් සිසුන්ට පාට පාට නිළ ඇදුම් !

colombotoday

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනයට නව පනතක්

Admin

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

colombotoday