Colombo Today Local News

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙන්ම සමාජ වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ පමණක් ප්‍රශ්න ඇති බවට පෙන්නුම් කළත් ශ්‍රී ලංකාවේ පමණක් නොව සෑම රටකම ප්‍රශ්න තිබෙන බව ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා ප්‍රකාශ කරයි.බිංගිරිය දේවගිරි විහාරස්ථානයේදී ඊයේ (28දා) රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අපට තිබෙන දේශපාලන ප‍්‍රශ්න, ආර්ථික ප‍්‍රශ්න හා සමාජමය ප‍්‍රශ්න ගත්විට අපේ රටේ මාධ්‍ය, සමාජ වෙබ් අඩවි පෙන්නුම් කරන්නේ මේවා මේ රටේ පමණක් තිබෙන ප‍්‍රශ්න ලෙසටයි. නමුත් මේ ප‍්‍රශ්න වර්තමාන කාලය තුළ ලෝකයේ බොහෝ රටවල් වල මේ ආකාරයෙන්ම තිබෙනවා. අපේ රටේ වසර ගණනාවක් නියඟය තිබෙනවා. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ බොහෝ වැව්වල වතුර නැහැ. සමහර ප‍්‍රදේශවල බොන්න වතුරත් නැහැ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේත් එක් ප‍්‍රදේශයක බොන්න වතුර නැහැ. මේ තත්ත්වය අපේ රටේ පමණක් නොවෙයි. මම ගිය මාසේ පකිස්තානයේ ගිය අවස්ථාවේත් මම දැක්කා කාත්තාරවල තත්ත්වයට ඒ රටවල සමහර ප‍්‍රදේශ පත්වෙලා තියෙනවා.

ඒ නිසා මේ සියලු අභියෝග මිනිසුන් විදියට ජයගන්න අපි සියලූ දෙනාට ආත්ම ශක්තියක් ආත්ම ධෛර්යයත් ඒ සඳහා කැපවීමට හැකියාවත් තියෙන්නට ඕනෑ. සොබාදහමින් හෝ වේවා අනෙකුත් ආර්ථික හෝ වාණිජ කරුණු මත වේවා කුමන බාධක එල්ල වුණත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙත් ගත හැකි සෑම සුබවාදී පියවරක්ම රජය විසින් ගන්නා බව මා සඳහන් කිරීමට කැමතියි.”

ada.lk

Related posts

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

පාකිස්තානයේ දී ඝාතනය වුණු ප්‍රියන්ත කුමාරගේ තනතුරට වෙනත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

හිටපු රජය බලයට ආවොත් රටට ආත්මයක් නැති වෙනවා – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

colombotoday

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියනයක් තාමත් කොළඹ වරායේ

Admin

ජල නළය පිපිරි කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි… ප්‍රදේශ රැසකට ජලය නවතී.

colombotoday