Colombo Today Local News

නාමල්ගෙන් බැසිල්ට විරෝධයක්… පොහොට්ටුවේ ගැටුම කරළියට !

එරාජ් ප්‍රියන්ත ප්‍රනාන්දු හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්කිරීමට සහය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට තමන් විරුද්ධ වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.

සිය ට්වීටර් ගිණුම ඔස්සේ නාමල් රාජපක්ෂ මහන්ත්‍රීවරයා ඒ පිළිබදව තබා ඇති සටහන මෙසේය.

මේ අතර රත්නපුර මහ නගරසභාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයෙක් පත්කරගත් ක්‍රමවේදය ගැන එම දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පලකරති.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එජාප මන්ත්‍රීවරුන්ගේ සහය ගෙන තම නියොජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කළේ යැයි එම පිරිස චෝදනා කරන අතර, එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිදුකර ඇත්තේ දේශපාලන මගෝඩිකමක් බවයි.

Related posts

චීනයෙන් ජනපතිට තෑග්ගක්…

colombotoday

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

colombotoday