Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තු සැසිය අවසන් කල හේතුව අනුර කියයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ තමන්ගේ පක්ෂයේ අර්බුදය වසා ගැනීමට යැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ අවස්ථාවක සැසිවාරය අවසන් කිරීමට විධායක බලය පාවිච්චි කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ද ඔහු කීය.

අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.

‘ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය තාවකාලිකව වහ ගන්නයි. එතුමාගේ ඇමැතිවරු එහාට මෙහාට පනින එක වළක්වන්නයි. ඒවා එයාලගේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න රටට අදාළ කරන්නේ මොකටද? පාර්ලිමේන්තුවට ලබන 19 වැනි දා විගණන පනත ගේන්න තිබුණා.

අපි 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන්න බලාගෙන හිටියා. දැන් ඒ ඔක්කොම ඉවරයි. හරි නම් ජනාධිපතිතුමා කරන්න ඕනා ඒවා ඉදිරියට ගෙන යන විධියට වැඩපිළිවෙළක් හදන එකයි. නමුත් කළේ වෙනත් දෙයක්. මේ වැඩ බලනකොට අපිට කියන්න වෙන්නේ කැතයි ලැජ්ජයි කියලා විතරයි.‘‘

Related posts

පුනා ඇලේ ගල් තලාවකින් මළ සිරුරක් හමුවෙයි

colombotoday

“හැකි දෙයක් කර පෙන්වනු…” ප්‍රභාකරන්ගේ මන්ත්‍රී මස්සිනා රජයට අභියෝග කරයි…

colombotoday

අපිට ආර්ථික ඝාතකයො නෑ.. මොන බාධක ආවත් ආර්ථිකය ගොඩ දාලයි පස්ස බලන්නේ

colombotoday

සීගිරියේ බිතු සිතුවම් ගුහාවේ බදාම තට්ටුවක් කඩා වැටේ… බලධාරීන් නිහඩයි

colombotoday

විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැති

Admin

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

colombotoday