Colombo Today Local News

ඛණිජ තෙල් ගෙන්වීමෙන් ඉතුරු වූ ඩොලර් බිලියන 6ට මොකද වුණේ?

වත්මන් ආණ්ඩුව ඛනිජතෙල් ගෙන්වීමට මහින්ද රාජපක්ෂ යුගයට වඩා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 06ක් අඩුවෙන් වියදම් කර තිබෙන බවත්, එසේ ඉතිරි වූ මුදල්වලට කුමක් සිදුකළේදැයි ආණ්ඩුව පැවසිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ʻ2015දී ඇමෙරිකා ඩොලර් මිලියන 2700ක්, 2016දී ඇමෙරිකා ඩොලර් මිලියන 2018ක්, 2017දී ඇමෙරිකා ඩොලර් මිලියන 3428ක් වශයෙන් ඛනිජ තෙල් ගෙන්වීමට වත්මන් රජය වැය කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ යුගයේදී වසරකට ඛනිජ තෙල් ආනයනය කිරීමට ඇමෙරිකා ඩොලර් බිලියන 05ක් වැය කරනු ලැබුවා. ඒ අනුව මෙසේ ඉතිරි කර ගත් මුදල් සඳහා කුමක් සිදු කළේද යන්න පිළිබඳව ආණ්ඩුව පැවසිය යුතුයි.

රුපියල අවප්‍රමාණය, විදේශයන්හි භාණ්ඩ මිල ඉහළ යෑම, භාණ්ඩ මත බදු පැනවීම නිසා ඉදිරි වසරේදී ජනතාවට අධික මිල පීඩනයක් දරා ගැනීමට සිදු වනවා.ʼ

මන්ත්‍රීවරයා මේ අදහස් පලකළේ පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ අද (17දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

Related posts

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

colombotoday

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

Admin

“අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගය යි විතරයි අඩු.”

Admin

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin