Colombo Today Local News

“ඇබ්සන්ට් වෙමු කියා, අනිත්ම මෙහොතෙ ගිහින් ඡන්දෙ දුන්නා..” එස්.බී-තිලංග කළ දේට සොයිසා කනස්සල්ලෙන්

ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂය තුළ මත දෙකක් දැරුවද සෑම විටම බහුතර මතයට ගරු කළ බවත් එහෙත් අවසන් මොහොතේ තිලංග සුමතිපාල මහතා සහ එස්.බී.දිසානායක මහතා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ බව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(05) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඡන්දය පැවැත්වෙන විට එයට නොගිහින් සිටින ලෙස පවසා අන්තිමේ දී මෙවැනි තීරණයක් ගනු ලැබුවේය යන්න අමාත්‍යවරයා හැඟීම්බර ලෙස මාධ්‍ය හමුවේ කියා සිටියේය.

කෙසේ වෙතත් ඒකාබද්ධයේ අරමුණ වුයේ ගමේ බලය ලබා ගත් ආකාරයෙන් රටේ බලය ද ලබා ගැනීම බව ද පැවසු අමාත්‍යවරයා මේ සඳහා ඔවුන් ප්‍රබල කුමන්ත්‍රණයක සිටි බව ද පැවසීය.

Related posts

2020 ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් !

colombotoday

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

Admin

තුන්දූවේ අගුලු අරී..

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin

ඩොලරය ඉහළ යයි

Admin