Colombo Today Local News

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පළමු දිනයේදීම ලංකාවට පදක්කම් දෙකක්

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී තව ත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 48 බර ඉසිලීම කාන්තා තරගයට එක් වූ දිනූෂා ගෝමස් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.

ඇය එසවූ මුළු බර කිලෝ ග්‍රෑම් 155කි.

ඇය ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 70ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 85ක බරක් එසවූවා ය

මේ අතර 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගත්තේ බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල්.

ඔහු කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

Related posts

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

Admin

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday

මිසදුටු පවිටුන් නොදුටු යශෝදරා !

colombotoday

ඉන්දුනීසියාවේ භූචලනයක්..

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් අදත් දිවයිනට…

colombotoday

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

colombotoday