Colombo Today Local News

අගමැතිට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ ජනපති සහ ගෝඨාභයයි ? – කවුරුත් නොදන්න කතාවක් හෙළිවෙයි

විශ්වාස භංගය ගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ කල්ලිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විශ්වාසභංග විවාදයට එක්වෙමින් පැවසුවා.

එමෙන්ම විශ්වාස භංගයට මහින්ද රාජපක්ෂ මහතා ලොකුවට වැඩ කළේ නොමැති බවද ඔහු කියා සිටියා.

විශ්වාස භංගයේ අත්සන් 56ක් තිබෙනවා. ඔබතුමාලා දීලා තියෙන එකේ තියෙන්නේ අත්සන් 55යි. පළමු වැනි අත්සන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ. මේ විශ්වාස භංගය ජනාධිපතිවරයාගේ. මහින්ද රාජපක්ෂ මහතාවත් කවුරුවත් විශ්වාස භංගයට ගෙනාවේ නෑ. මේ විශ්වාස භංගය ගෙනාවේ පෙබරවාරි මස ඡන්දයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා. මුලින් කිව්වා අගමැතිට ඉල්ලා අස්වෙන්න කියන්න. වෙනම 113ක් හදාගන්න පුළුවන්ද කියලා බැලුවා. දූෂිතයො එකතු වෙලා 113ක හදාගන්න හැදුවා. ඒක බැරිවුණා. එතැනින් පස්සේ තමයි විශ්වාස භංගය ආවේ.

මේ රටේ ලොකුම ජනවරම පාවා දීලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. රනිල් වික්‍රමසිංහ වගේම ඔහු හොරු රැක්කා. රනිල් වික්‍රමසිංහ මහතා දූෂිතයන් 50ක් ආරක්ෂා කළා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා 50ක් හෝ 51ක් ආරක්ෂා කළා. දූෂණයට එරෙහිව ජනවරම ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. එතුමා තමයි දෙවැනි ජුදාස්. තුන්වැනි පාවාදීම කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.

Related posts

තවත් විල්පත්තුවක් කරන්න යන, මාදුරු ඔය රක්ෂිතයේ වන සංහාරය. (VIDEO)

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

වන්දි ලබාදීමේ පනත සම්මත කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීන් පවසනවා – සජිත් ප්‍රේමදාස

colombotoday

ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය මැයි 2ක

Admin

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

Admin

මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා කන්‍යාවියන් 72ක් හොයාගෙන ‘ස්වර්ගයට’ ගියාම වෙන දේ විමල් කියයි….

colombotoday