Colombo Today Local News

“සෙංකෝලය පැහැරගැනීමේ සැලසුමක්” – හෙට විශ්වාසභංගයේදී වෙන්න යන දෙයක් ගැන ගම්මන්පිල කියයි

පාර්ලිමේන්තුවේ කලබලයක් ඇතිකරමින් විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් වන විවාදය අවුරුදු නිවාඩුවෙන් පසුව ගෙනඒමේ වෑයමක් ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

කොළඹදී පැවැති අද (3දා) පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ මේ වන විට අපට ලැබී තිබෙන තොරතුරු අනුව ඊයේ අගමැතිවරයා, ජනාධිපතිවරයා හමු වී විශ්වාසභංග යෝජනා විවාදය කල් තබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා ඒක ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ අනිසි කලබලයක් ඇති කර පුළුවන්. සෙංකෝලය ඔසවා ගෙන ගිහින් හරි මෙම විවාදය අවුරුදු නිවාඩුවෙන් එහා පැත්තට කල් දමා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බවට අපට ආරංචියි.

ඒ නිසා අපි මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දුන්නා ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න කියලා. නමුත් ඒකපාර්ශ්විකව වුණත් කලබල ඇති කරලා පාර්ලිමේන්තුව කල් තබා ගන්න උත්සාහ කරන්න පුළුවන්. පක්ෂ දේශපාලනය අමතක කරලා ස්වාධීනව කටයුතු කරලා විවාදය හෙට නොපැවත්වීමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සාහයන් පරාජය කරන්න කියලා අපි කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ද පවසා සිටියේය.

Related posts

ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අඳින්න ඕන කියලා – ප්‍රහාරයේ උනුසුම මැකී යද්දී උලමා සුපුරුදු රිද්මයට එයි…

colombotoday

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ 16 හැවිරිදි පිරිමි ළමයෙක් අත්අඩංගුවට…

colombotoday

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday

සිව්වන වසරේ විශ්වවිද්‍යාල විභාග 22වන දා

colombotoday

පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව පැරණි පාර්ලිමේන්තුවේ රැස්වෙයි

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට – පුනරුත්ථාපන පනතත් මැතිසබයට

Admin