Colombo Today Local News

බදු චක්‍රලේඛය නිකුත් වෙයි… උපයන වැටුපට හරියටම බදු වදින හැටි මෙන්න

අප්‍රේල් පළමුවෙනිදා සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත මගින් උපයවිට ගෙවීම මත බදුවලට අනුව මාසික වැටුපට බදු අයකරන ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍ය තුළ විවිධ විවිධ ආකාරයේ ප්‍රවෘත්ති පලවෙමින් තිබේ.

කෙසේ නමුත් එම බදු පනත මගින් වැටුපට බදු පනවන ආකාරය සම්බන්ධයෙන් වන චක්‍රලේඛනය මේ වනවිට නිකුත් කර ඇත.

එම චක්‍රලේකය අනුව සෑම පුරවැසියෙකුම උපයන පළමු රුපියල් ලක්ෂ දක්වා මුදල බදුවලින් නිදහස් කෙරේ.

ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 4%ක බද්දක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 8%ක බද්ධක්ද අය කෙරේ.

ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 12%ක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 16%ක්ද වශයෙන් අය කෙරේ.

ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 20%ක්ද ඊට වැඩිවන සෑම මුදලකට 24%ක්ද වශයෙන් බදු අය කෙරේ.

එම චක්‍රලේඛය මෙතැනින්

Related posts

විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගත් තරග විභාගය වෙනුවට සම්මුඛ පරීක්ෂණයක්

colombotoday

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

“අන්තවාදී ඉල්ලීම්වලට ඉඩ නෑ.. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නෙත් නෑ“ – ආරක්ෂක ඇමති

colombotoday

ලේකම්ගේ සාක්ෂියෙන් සියල්ල හෙළි වේ.. අර්ජුන්ගේ නීතීඥයෝ කොමිසමෙන් පැන යයි !

colombotoday

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday