Colombo Today Local News

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

රුපියල් ලක්ෂ හාරසියයකට අධික වත්කම් සහ මුදල් ප්‍රමාණයක් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට අසමත්වීම සහ නීති විරෝධී උපයාගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මැයි 28 දක්වා කල්තබා ඇත.

කොළඹ මහාධිකරණය හමුවේ නඩුව ඊයේ (02) කැඳවූ අවස්ථාවේ විනිසුරු සම්පත් විජේරත්න මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.

2004 -2006 කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 412 වත්කම් සහ මුදල් නීති විරෝධී ආකාරයට උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රෝහිත අබේගුණවර්ධනට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අද දින නඩු විභාගයේදී රත්මලාන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු වන උපුල් රෝහිත ප්‍රනාන්දු නමැත්තාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු සිදුවූ අතර විත්තිකාර රෝහිත අබේගුණවර්ධනට අයත් බව කියන රත්මලාන, කටුකුරුන්ද වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට විදුලිය සැපයීම වෙනුවෙන් කරන ලද ගෙවිම් පිළිබඳව ඔහු අධිකරණය හමුවේ සාක්ෂි දුන්නේය.

Related posts

දුරකතන අංකය වෙනස් නොකරම වෙනත් සේවා සපයන්නෙකු සමග එක් වෙන්න පාරිභෝගිකයන්ට අවස්ථාව

colombotoday

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ජනාධිපති මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් විවිධ රටවල් සමග සිදුකරන අපනයන නවතීවි – ඇමති චම්පික රණවක

colombotoday

එජාපයට, බැදුම්කර හොරුන්ට කැබිනට්ටුවේදී ජනපතිගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

සැකකටයුතු ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලංකීකයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

මරණ දඩුවම හිමි රැඳවියකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දියණියට පරිඝණක යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.

colombotoday