Colombo Today Local News

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයා වශයෙන් පොදු ජන පෙරමුණේ නීතිඥ මධුර විතානගේ මහතා තේරී පත්ව තිබේ.

අද (02) උදෑසන පැවති ඡන්ද විමසීමේ දී පොදු ජන පෙරමුණ සඳහා තරඟ වැදි මධුර විතානගේ මහතාට පක්ෂව ඡන්ද 18 ක් හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදි චන්දිම නයනජිත් මහතාට ඡන්ද 11 ක් ලබා ගෙන තිබේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 5දෙනෙක් පොදු ජන පෙරමුණේ මධුර විතානගේ මහතාට සහය පළ කර ඇති අතර ඒ අනුව ඡන්ද 23 ක් ලබා ගෙන ඔහු නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්ව ඇත.

විවෘත ඡන්දයක් ලෙස පැවති මෙම ඡන්ද විමසීමට ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට තිබේ.

උප නගරාධිපතිවරයා වශයෙන් පොදු ජන පෙරමුණේ ප්‍රේමලාල් අතුකෝරළ මහතා තේරී පත්ව තිබේ.

Related posts

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

colombotoday

එජාපය මොකක් කීවත් වැඩක් නෑ.. අපි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා – දයාසිරි

colombotoday

අය වැය විප්ලවීය මෙන්ම ජනතාවට යුතුකම් ඉටු කළ එකක්

Admin

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

පාඨලී, ගයන්ත එකගයි… මංගල විරුද්ධයි – කැබිනට් කඹ ඇදිල්ලෙන් බුර්කා තහනම කල් යයි…

colombotoday

විදුලි ඒකකයක් රු. 17ක් වැඩි මිලකට අරන්

colombotoday