Colombo Today Local News

විශ්වාසභංගයට පක්ෂව 116 ක් දැනටම සූදානම්.. 04 වැනිදාට කලින් අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් ?

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 116 කටත් වැඩි ප‍්‍රමාණයක් සහයෝගය ලබා දෙන බව පොරොන්දු වී ඇති බව මේ අනුව විශ්වාසභංගය නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා මහතා අද (01දා) මාධ්‍යයට වෙත පැවසීය.

“අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන සියලුම පක්ෂත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකුත් සුළු පක්ෂ මන්ත්‍රීවරුනුත් මේ අතර සිටිනවා.

අප විශ්වාස කරනවා අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 4 වැනිදාට කලින් ඉල්ලා අස්වන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව විශ්වාසභංගයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුළම බරපතළ විරෝධයක් ඇතිවෙලා තියෙනවා” යැයි උප සභාපතිවරයා පැවසීය.

Related posts

අන්තර්ජාලය මගින් කෝටි 6ක් වංචා කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

colombotoday

කුඩු වික්ක ග්‍රාම නිලධාරියෙකු අල්ලයි

Admin

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි හයක් ඉල්ලයි.. පරිපූරකය පාර්ලිමේන්තුවට

colombotoday

අගමැති කාර්යාලයේ දේපල සොරාගත් අයෙක් අල්ලයි

colombotoday

දිලීපන් සැමරුමට ගිය මන්ත්‍රී සෙල්වරාසා පොලිස් භාරයට

colombotoday

ප්‍රදේශ රැසකට යළිත් නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday