Colombo Today Local News

Video: 4 වෙනිදා රෑ 9ට සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි – ලක්ෂ්මන් යාපා කියන කතාව

විශ්වාසභංගය පරාජය කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඊයේ අගමැතිවරයා හමුවී ප්‍රකාශ කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව ය.

ලබන 02 වන දා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ, යම් හෙයකින් ලබන 04 වන දා විශ්වාසභංගය පරාජය වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවක් ඉන් ඉදිරියට නොමැති බව ය.

Related posts

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

‌පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමේ අවසාන තීරණය හෙට

colombotoday

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

colombotoday

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

බැඳුම්කර වංචාව ගැන විශේෂ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපති ඉල්ලයි

colombotoday