Colombo Today Local News

වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ.. කම්කරු දිනය කල් නොදමනු – පෙරටුගාමීන්ට මළපනී, අරගලයකට සැරසෙයි

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඞ නගන ජාත්‍යන්තර කම්කරු දිනය කල් දැමීමට රජය ගත් තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (28) පැවසීය.

වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති , වාමාංශික පක්ෂ සමඟ එක්ව මෙම තීරණය පරාජය කරන බවද ඔහු කීවේය.

බත්තරමුල්ලේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“ආණ්ඩුවට අවශ්‍ය විදියට, ආගමික ප්‍රභූ තන්ත්‍රයකට අවශ්‍ය ලෙස වැඩකරන ජනතාවගේ දිනය උදුරාගන්න අපි ඉඩ තියන්න නෑ. මේ රටේ සියලු පීඩිත ජනතාව සහ වැඩකරන ජනතාව සමග ඒකාබද්ධව ආණ්ඩුවේ මෙම බලහත්කාරී තීරණයට එරෙහිව වමේ පක්ෂ සහ වෘත්තිය සමිති විසින් ඒකාබද්ධව කටයුත කරන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුව ගත්ත ජනතා විරෝධී පිළිවෙතට එරෙහිව සියලු බලවේග ඒකරාශි කරමින් අපි මේ අරගලය කරන බව ප්‍රකාශ කරනවා.“ යැයිද හෙතෙම කියා සිටියේය.

මෙවර වෙසක් පොහෝ දිනය මැයි පළමුවැනිදාට යෙදී ඇති බැවින් කම්කරු දිනය සැමරීම මැයි 07 වනදාට කල් දැමීමට රජය තීරණය කර ඇත.

Related posts

බඩුමිල, හඬපට අර්බුද අස්සේ විදුලිය කප්පාදුවකට මණ්ඩලේ සැරසෙයි !

colombotoday

බෝඩිම් කාමරයක සැකකටයුතු මළසිරුරක්

Admin

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

colombotoday

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යන් සඳහා පමණයි…

colombotoday

නෝම්බි අරින්න ඇවිත් සංහිදියා කුමරිය ජාතිවාදය අවුලවයි.. සජීවීව රටටම පෙන්වයි (Video)

colombotoday

අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහින් !

colombotoday