Colombo Today Local News

දුමින්ද සිල්වාට සාධාරණයක් ලැබුණේ නැහැ – ජනාධිපති නීතීඥ අනිල් සිල්වා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැරදිකරු කිරීමේ චේතනාවෙන් ලබාදුන් නඩු තීන්දුවේ අඩුපාඩු රැසක් පවතින බැවින් ඔහුට ලබාදී ඇති මරණ දඬුවම අහෝසිකොට නිදොස්කර නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

ඒ ඊයේ (27) හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේය.

අභියාචනය විභාගයට ගැනුණේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සඳහන් කර සිටියේ මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුව ලබාදීමේදී විත්ති පාර්ශවය පෙන්වාදුන් සාක්ෂි පරස්පරතා හැට දෙකක් සැළකිල්ලට ගෙන නොමැති බවය.

එසේම අදාළ නඩුවේ තීන්දුවේ අඩුපාඩු රැසක් පවතින බවත් නඩු විභාගයේදී ඉදිරිපත්වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේද යන්නද සලකා බලා නැතැයිද නීතීඥවරයා සඳහන් කළේය.

තවද ගිනි අවි භාවිත කල බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනුකර තිබු අතර ඒ සඳහා කිසිඳු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බවත් අනෙක් චෝදනා සම්බන්ධවද අදාළ නොවන සාක්ෂි ඉදිරිපත්ව කරමින් ව්‍යාජ සිද්ධි නිර්මාණය කර ඇති බවද ඔහු පැවසීය.

මේ කාරනා දක්වමින් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විබාගයක් නොලැබුණු බවත් ඒ මත පදනම්ව ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙසත්ය.

Related posts

“මැද පෙරදිග ගෘහ සේවය හැර රටට ආදායම් ගේන වෙන ක්‍රමයක් නෑ”තලතා යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ සළු ගලවයි

colombotoday

එන්නතට ජුම්මා පල්ලියෙන් ටෝකන් දෙන්න ආ පුත්තලම මන්ත්‍රි අලි සබ්රි රහීම් පොලිසියෙන් පන්නා දමයි

colombotoday

කුඩු මුදලාලිලාට වැඩ කරන සංඝ කල්ලිය බුදුදහමට අභියෝගයක්. – මංගල සමරවීර භික්ෂුන් වහන්සේලාට පන්න පන්නා අපහාස කරයි

colombotoday

“ජනපති වැඩකරන්නේ අගමැති කියන විදිහටයි.. ආණ්ඩුවේ නොහැකියාව පේනවා.. මේක යහපාලනේ නෙවෙයි” – අස්ගිරි පාර්ශවය විරෝධය දක්වයි

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ප්‍රභාකරන්ගේ රුව Facebook දැමූ දෙදෙනා 21 දක්වා යලි රිමාන්ඩ්

colombotoday