Colombo Today Local News

ආණ්ඩු හදන, පෙරලන බටහිර බලවේගයක් ගැන තොරතුරු හෙළිවෙයි… Facebook සමාගමටත් චෝදනාවක්

විවිධ රටවල දේශපාලන සහ මැතිවරණ තීන්දු වලට බලපෑම් කිරීම සඳහා  අසත්‍ය ප්‍රචාර සහ බියගැන්විමේ ක්‍රමෝපායන් යොදාගන්නා බ්‍රිතාන්‍ය ආයතනයක්  පිළිබඳව චැනල් ෆෝ නාලිකාව හෙළිදරව්වක් කර තිබේ.
අදාළ ආයතනය ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත එක් එක් රටවල ජනමතය හැසිරවීමට කූට ලෙස යොදාගත් බවටද එම ආයතනයෙන් ඉවත් වූ අධ්‍යක්ෂවරයකු හෙළිදරව්වක් කර ඇත්තේ ලෝක අවධානය ඒ වෙත යොමු කරමින්ය.
‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ නම් වූ ආයතනයක් අසත්‍ය ප්‍රචාර සහ බියගැන්විමේ ක්‍රමෝපායන් යොදාගෙන විවිධ රටවල දේශපාලනික හා මැතිවරණ තීරණ වෙනස්කිරීමට බලපෑම් කරන බව සනාථ කෙරෙන වීඩියෝවක් චැනල් ෆෝ නාලිකාව විසින් ප්‍රචාරය කරනු ලැබීය.
මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිවලදී දේශපාලන උපදේශනය සම්බන්ධයෙන් ක්‍රියාකරන අදාල සමාගම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලු රටවල් රැසක මැතිවරණ ව්‍යාපාර 200 කට පමණ සේවය සලසා තිබේ.
චැනල් ෆෝ මේ කූට ව්‍යාපෘතිය ගැන තොරතුරු හෙළි කරන්නේ උපායදූතයකු යොදාගෙන ‘ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල සඳහා බලපෑම් කිරිමට එකී සමාගමේ සහාය ඉල්ලා සිටින මුවාවෙන් වීම විශේෂත්වයකි’.
කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ අභ්‍යන්තර තොරතුරු දැනගැනීමේ බලාපොරොත්තුවෙන් නව සබඳතා අවස්ථාවක් උදාකරගෙන ඇත.
ඒ ශ්‍රී ලාංකික නියෝජිතවරයෙක් සහ ඔහුගේ සහායකයා කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ සේවාව අවස්ථා ලබාගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණය සාර්ථක කර ගැනිමේ අරමුණින්ය.
මේ අතර මෙම ‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ ආයතනය ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය භාවිත කරන මිලියන පනහකට අධික පරිශීලකයන්ගේ පෞද්ගලික දත්තද දේශපාලනික වශයෙන් අයථා ප්‍රයෝජනයට ගෙන ඇති බවට එම සමාගමෙන් ඉවත් වූ පර්යේෂණ අධ්‍යක්ෂවරයකු මාධ්‍යයට හෙලිදරව්වක් කර තිබේ.
ඒ අනුව ෆේස්බුක් සමාගම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට පියවර ගෙන නොමැති බවට ඒ අනුව බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් සහ සහ නිව්යෝක් ටයිම්ස් යන පුවත්පත්  චෝදනා කර තිබිණි.
මතුව ඇති තත්ත්වය තුළ ‍ෆේස්බුක් සමාගමට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අමෙරිකාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
තමන් හමුවේ පෙනී සිටින ලෙස අමෙරිකානු සෙනේට් මණ්ඩලය ෆේස්බුක් සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙතද දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

බුදුන් වහන්සේට අපහාසකළ, අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් බදුල්ලේ ලොක්කා අත්අඩංගුවට…

colombotoday

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම හෙට – ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !

colombotoday