Colombo Today Local News

විශ්වාසභංගය මොකක් වුණත් 2020 දක්වාම අගමැති රනිල්මයි – පී හැරිසන්

ඒකාබද්ධ විපක්ෂයට වුවමනා පරිදි ආණ්ඩුවත් රටත් පාලනය කිරීමට වත්මන් රජය කටයුතු නොකරන බවත් 2020 තෙක් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

අඹේවල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ ඊයේ (21දා) නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව අත්සන් කර ඇති විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අත්සන් කර ඇතත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති බවට විශ්වාස කළ නොහැකියි. කුමන ආකාරයෙන් විශ්වාසභංග යෝජනා ගෙනාවත් 2020 වසර වන තෙක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතායි.”

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

රජයේ ඖෂධවේදීන් දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක

Admin

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday

වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සොයන්න කමිටුවක්..

Admin

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

colombotoday