Colombo Today Local News

අගමැතිගේ ආර්ථික කමිටුව ජනපති අහොස් කර දමයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමණාකරණ කමිටුව අහෝසි කිරීමට ඊයේ (20) පැවති කැබිනට් රැස්වීමකදී පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම කමිටුව අහෝසි කරන ලෙසට මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැතිවරයාට උපදෙස් ලබාදී තිබිණ.

කෙසේවෙතත් එය ඉටු නොවීම හේතුවෙන් ඊයේ ජනාධිපතිවරයා විසින් ආර්ථික කළමණාකරණ කමිටුව අහෝසි කර ඇති බව වාර්තා වේ.

ආර්ථික කළමනාකරණ කමිටුව පවත්වාගෙන යන්නේද නැද්ද සම්බන්ධයෙන් යෝජනා දෙකක් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සාකච්ඡාවට ගැනිණ.

ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුනේ ආර්ථික කළමනාකරණ කමිටුව හරහා ගත් බොහෝ තීන්දු තීරණ අසාර්ථක වී ඇති බවයි.

කුලියාපිටිය – වොක්ස්වැගන් කර්මාන්තශාලාව, හොරණ – ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව උදාහරණ ලෙස පෙන්වමින් ජනාධිපතිවරයා මෙහිදී සිය කණස්සල්ල පළ කර තිබිණ.

ගත වූ කාලසීමාව තුළ දී එම ආර්ථික කමිටුව නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවට පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එහිදී තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලය මගින්ම කමිටුවක් පත් කර අදාළ යෝජනා ක්‍රියාත්මක කළ හැකි බවයි.

අග්‍රාමාත්‍යවරයා විසින් ආර්ථික කළමනාකරණ කමිටුව පිහිටවනු ලැබුවේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහාය.

ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශකවරුන් වන ආර්. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග එම කමිටුව නියෝජනය කරති.

අමාත්‍යවරුන් ලෙස එම කමිටුව නියෝජනය කරන්නේ මලික් සමරවික්‍රම සහ සරත් අමුණුගම යන මහත්වරුන්ය.

Related posts

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

සෞඛ්‍ය සේවය කඩාවැටීමේ බරපතළ අවදානමක් – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු අඟවයි

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති යටතේ !

colombotoday

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

colombotoday

පාර්ලිමේන්තුවට කොළේවසා, අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට ලංකාව ගොදුරුකළ හැටි

colombotoday