Colombo Today Local News

පෙර පාසලේ සිට 7 ශ්‍රේණිය දක්වා සමලිංගිකත්වය උගන්වන්න වැඩ අරඹයි.. අත හිත අගමැති කාර්යාලයෙන් !

පෙර පාසල් දරුවන්ගේ පටන් 7 ශ්‍රේණිය දක්වා වූ පාසල් ශිෂ්‍යයන්ට “සමලිංගිකත්වය ස්වාභාවිකයි“ යන මතය ඉගැන්වීමේ වැඩපළිවෙලක් දියත් කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම වැඩපිළිවෙල ප්‍රධාන වශයෙන්ම මෙහෙයවනු ලබන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය බවත්, ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා ලබා දෙනුයේ අග්‍රාමාත්‍ය කාර්යාලය බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙවැන්නක් සදහා ලොව අන් කිසිදු රටක් මෙතෙක් අත්පොත් තබා නැති බවත් ඒ අනුව එවැවන්නක් සම්බන්ධ වන පළමු නියමු ව්‍යාපෘතිය බවට මෙය පත්වන බවද හෙතෙම පැවසීය.

‘රටට අහිතකර සියල්ල සහිත න්‍යාය පත්‍රයක් අතේ තියා ගෙනයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරි මාස කිහිපය ගෙවන්න සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙයා ශ්‍රී ලංකාව සදාචාරමය වශයෙනුත් ඉවරෙටම ඉවර කරන්න කටයුතු කරනවා.

මගේ අතේ තිබෙන්නේ Daily Mirror පුවත්පතේ පළ වූ පුවත්පත් වාර්තාවක්. එමගින් කියැවෙන්නේ, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාවේ පෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමරිසි ජීවිතය පිළිබඳව කියා දෙන බවයි. මෙමගින් පෙර පාසල් දරුවාගේ සිට 07 ශ්‍රේණියේ දරුවා දක්වා කියා දෙන්නට යන්නේ ‘සමලිංගික සබඳතාව යනු ස්වාභාවික දෙයක්’ කියලයි. ඒ මතය අපේ දරු පරපුරේ මනස තුළ හදන්නයි මේ සූදානම් වෙන්නේ. මෙමගින් කියැවෙන්නේ මේ රට තුළ ලිංගිකත්වය අතිනුත් විකෘති සහ බෙදුණු සමාජයක් හදන්න අගමැතිවරයා කටයුතු කරන බවයි’

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පෙරේදා 19 දා කොළඹ මහජන පුස්තකාලයේ පැවති දේශනයක් අමතමිනි.

Related posts

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

colombotoday

පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් කුඩු විකුණූ 75ක් අත්අඩංගුවට..

Admin

එළුග තමිල් – 2 ඇරඹේ.. මහ පිරිසක් සමග විග්නේෂ්වරන් වීදි බසී (Photo)

colombotoday

අධි ශිෂ්‍යත්වයක් ලබා ගෝඨාභය සිංග්ප්පූරු යයි

colombotoday

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්

colombotoday