Colombo Today Local News

Video: SLS තිබ්බට නියමිත බර නෑ… දහස් ගණන් ජිවිත අනතුරේ දමන බාල වානේ කම්බි ජාවාරම රට පුරා

SLS සහතිකය යටතේ, නියමිත ප්‍රමිතියෙන් තොර දහස් ගණන් ජිවිත අනතුරේ දමන ඉදිකිරීම් සඳහා බාවිතා කරන බාල වානේ කම්බි ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වෙන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටියේ, ලංකාව තුල අලෙවි කිරීමට ප්‍රමිති සහතිකය අනිවාර්ය භාණ්ඩයක් ලෙස වානේ කම්බි නම් කර ඇති බවයි. ප්‍රමිති සහතික ලබාදීමෙන් පසුව අදාළ සමාගම් භාණ්ඩයේ ප්‍රමිතිය දිගටම පවත්වාගෙන යනවාදැයි සොයාබැලීමේ වගකීම, වගකිවයුතු රජයේ ආයතන මග හැර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

වෙළඳපොලේ ප්‍රමුඛතම වානේ කම්බි අලෙවි කරනු ලබන GTB, මෙල්බර්න්, ලන්වා, මෙල්වා, අශෝක්, RS ස්ටීල් යන සමාගම් 6ක් පිලිබදව සමීක්ෂණයක් කල බව සඳහන් කර සිටි විතානගේ මහතා එම කම්බි මීටරයක අවම බර ලෙස 0.616 සහ උපරිම බර ලෙස 0.616 ක් ලෙස ප්‍රමිති නිර්දේශ කර ඇති බව ප්‍රකාශ කර සිටියා. මෙම සමාගම් 6න් ලබාගත් කම්බි සාම්පල විවිධ බර ප්‍රමාණයන්ගෙන් යුක්ත බව සඳහන් කර සිටි විතානගේ මහතා අශෝක් කම්බි සහ RS ස්ටීල් යන සමාගම් දෙකේ කම්බි ඉතා බාල මට්ටමේ පවතින බව ප්‍රකාශ කර සිටියා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කර සිටියේ, මෙහි වගකීම කොන්ත්‍රාත්කරුවන් සහ ඉදිකිරීම් අංශයේ රැකියාවල නිරතවන්නන්ටත් පැවරෙන බවයි. බාල කම්බි බාවිතා කර ඉදිකිරීම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව අවධාරණය කර සිටි ආචාර්යවරයා NBRO එකට යවා කම්බි තත්ව පරික්ෂා කිරීමේ වගකීම ඔවුන්ට පැවරෙන බවත් සඳහන් කර සිටියා.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ කඩා පනින හමුදාව කොහිදැයි විමසා සිටි ඒ මහතා අදාළ ආයතන ජනතාව සුරක්ෂිත කිරීමේ වගකීමට බැඳී සිටින බවත් අවධාරණය කර සිටියා.

Related posts

IMF සමග තවත් සාකච්ජා වටයක් අද සිට.

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday

අල කන්ටේනරයේ සගවා හෙරොයින් ගෙන්වූ මොහොමඩ් ජාන්ට මරණ දඩුවම !

colombotoday

කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තාවකාලිකව වසා දමයි

colombotoday

ගෝඨාභයට එරෙහි නඩුවේ නීතිමය පදනමක් නෑ

colombotoday

යුරෝපීය වාහන එකලස් කරන්න කුලියාපිටිය සූදානම්.. කම්හලට අද මුල්ගල තැබෙයි

colombotoday