Colombo Today Sports News

අවසන් පන්දුවෙන් තියුණු ජයක් ලබති – නිදහස් කුසලානය ඉන්දියාවට

නිදහස් කුසලාන 20 විස්ස අද (18) පැවති අවසාන මහ තරගය කඩුළු 04න් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. පන්දුවට පළමුවෙන් පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දිය කණ්ඩායමට ලකුණු 167ක ඉළක්කයක් ලබාදුන්නා.

සිය ඉළක්කය සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 168 රැස්කළා.

අද (18) තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දියාව පළමුව පන්දු රකිමට තීරණය කළ අතර පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 166 ක් රැස් කළේ කඩුළු 05ක් දැවි යාමේන්.

මෙහිදී බංග්ලාදේශ කණ්ඩායමේ සබීර් රෙහෙමාන් ලකුණු 77ක් රැස් කළේ පන්දු 50කදී හතරේ පහර 07ක් සහ හයේ පහර 04ක් සමගින්.

මහමදුල්ලා ලකුණු 21ක් රැස් කළ අතර තමින් ඉක්බාල් ලකුණු 15ක් රැස් කළා.

හසන්නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 19යි.

පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් පන්දුවාර 04 තුල ලකුණු 18කට කඩුලු 03ක් බිඳ දැමුවා.

ජාදෙව් උනට්කට් කඩුලු 02ක් බිඳ හෙළිමට සමත්වුණා.

Related posts

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

වනිදුගේ වටිනාකම කෝටි 10 පසුකරද්දී වෙන්දේසි කරුට කලන්තය සැදී ඇද වැටෙයි

colombotoday

ආසියානු ක්‍රිකට් කුසලානයට ඉන්දියාවට එන්න බෑ – තරගාවලියට කලින් පකිස්ථානය ඉවතට

colombotoday

ඉන්දීය කණ්ඩායම් නායකත්වය සූර්ය කුමාර්ට

Admin

ධනංජය ශ්‍රී ලංකාව සුපිරි ජයක් ගෙනෙයි

Admin

2021විස්සයි විස්සේ ඕස්ට්‍රේලියාවට ලෝක ශූර කිරුළ

colombotoday