Colombo Today Local News

ෆේස්බුක් ප්‍රධානීන් පිරිසක් බ්‍රහස්පතින්දා ලංකාවට… තහනම ඉවත් කරන දිනය හරීන් කියයි

ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය වාරණය ලබන සිකුරාදා (16) දක්වා ක්‍රියාත්මක වන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ලබන සිකුරාදා වනවිට සමාජ ජාලා මාධ්‍ය භාවිතය සාමාන්‍ය තත්වයට පත්කරන බවයි ඇමතිවරයා පවසන්නේ.

මේ අතර ෆේස්බුක් ආයතනයේ නියෝජිතයන් පිරිසක් බ්‍රහස්පතින්දා මෙරටට පැමිණීමට නියමිත අතර වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔවුන් රජයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.

සමාජ ජාලා මාධ්‍ය හරහා ජාතිවාදී ගැටුම් අවුළුවන බව පවසමින් පසුගිය 07 වැනිදා සිට සමාජ ජාලා මාධ්‍ය භාවිතය අවහිර කර ඇති අතර කෙසේ වෙතත් බොහෝ දෙනා විවිධ ක්‍රම ඔස්සේ සමාජ ජාලා වෙත පිවිස තිබේ. රජය මේ වනවිට ෆේස්බුක් පිටු කිහිපයක් අවහිර කිරීමට කටයුතු කර ඇති අතර අන්තර්ජාලය හරහා ජාතිවාදීන් අවුළුවන වෛරී ප්‍රකාශන බෙදාහැරීමේ චෝදනාව මත පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

තවත් ජාත්‍යන්තර දිනුමක්.. මුදල් විශුද්ධිකරණ කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

colombotoday

ශ්‍රී ලංකන් හිටපු සභාපති අලෙවි සහකාරිණියකට ගුවන් සමාගමේ මුදලින් ඩුබායි ගෙයක් අරන් දීලා…

colombotoday

කොරෝනා මළ සිරුරු වැළලුවොත් ජීවත්වන අයට අවසාන විනිශ්චය ලැබේවි

colombotoday

ජනාධිපතිකම නොදුන් සජිත්ට අගමැතික දෙන්නෙත් නෑ

Admin

වැඩ බැරි දේශපාලඥයෝ අපිට මාෆියාකාරයෝ කියනවා

Admin

ගරා වැටෙමින් තිබෙන ආර්ථිකයට එකම සවිය එජාපය

colombotoday