Colombo Today Local News

පළාත්සභා මන්ත්‍රී හා බිරිද පුද්ගලයෙකුට බිම දමාගෙන පහරදෙයි.. මහපාරේ පිස්තෝලය අරන් යකා නටයි [Video]

තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මොවුන් දෙපළ, පෞද්ගලික බස් රියදුරා සමඟ ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි.

තලංගම පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කාන්තාව අතැතිව තිබූ පිස්තෝලය සමගින් ජීව උණ්ඩ 5 ක්ද සොයාගත් බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථ රියදුරා මේවන විට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ හෙට දිනයේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පහරදීම සිදුකළ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන්, වෙඩි තබා ඝාතනය කෙරුණු චණ්ඩි මල්ලි හෙවත් දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය එම්.කේ. රංජිත් මහතාගේ පුත්‍රයායි.

තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ගිනි අවියක් ද අතැතිව මෙම කාන්තාව සහ පළාත් සභා මන්ත්‍රීවරයා බස් රථ රියදුරාට පහරදෙන ආකාරය කිසියම් අයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝගත කර ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර තිබිණි.

Related posts

කතක් දුම්රියට පනී.. කුපිත වූ පිරිසක් දුම්රියට පහර දෙයි.. රියදුරු නූලෙන් බේරෙයි.. ත්‍රිකුණාමලේ කලබලයක් !

colombotoday

ඇඳිරිනීතියෙන් පසු දුම්රිය යළි ධාවනයට සූදානම්

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

colombotoday

දේවාලවල භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට…. වස්තුව කපුවන්ට තහනම්

Admin

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday