Colombo Today Local News

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ඇරඹේ.. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩාවෙන් පැසසුම්

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය (Office of Missing Persons (OMP)) මෙහෙයුම් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි කොමසාරිස්වරුන් පත් කිරීම පසුගිය පෙබරවාරි 28 වනදා සිදුවිය.

ඒ සමගම බටහිර රටවල තානාපති කාර්යාල කිහිපයක් ඒ පිළිබදව රජයට ප්‍රසංශා එක්කර තිබේ.

මෙරට ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා ස`දහන් කර සිටියේ අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ ශක්තිමත් හා ස්වාධීන කාර්යාලයක් ස්ථාපිත කිරීම, සාමය, නැවත නොපැවැත්වීම, වගවීම සහ ශී‍්‍ර ලංකාවේ සියලූ ජනතාව සඳහා විශේෂයෙන් පුනරුත්ථාපනය වීමත්, විශේෂයෙන්ම ඔවුන්ගේ ආදරණීයයන් පිළිබඳ පිළිතුරු සොයන පුරවැසියන් සඳහා වැදගත් පියවරක් වනු ඇති බවයි.

ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතා එ් සම්බන්ධයෙන් ප‍්‍රකාශ කර සිටියේ තමන් එම පත් කිරීම් පිළිබ`ද සතුටට පත්වන බවත් අතුරුදන් වූවන්ගේ පවුල්වල සමාජිකයින් දිගු කාලයක සිට එ් සඳහා බලාපොරොත්තුවෙන් සිටි බවත් ඉතා කඩිනමින් අතුරුදන් වූවන්ගේ කාර්යාලය කි‍්‍රයාත්මක වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත්ය.

මෙරට කැනඩා මහ කොමසාරිස් ඬේවිඞ් මැකිනන් මහතා මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් ස`දහන් කර සිටියේ ”මෙම පියවර සාදරයෙන් පිළිගන්නවා. සාමකාමී, සමාදානය සහ සෞභාග්‍යය තහවුරු කිරීම සඳහා කැප වූ අය, තව බොහෝ දේ ශී‍්‍ර ලංකාවේ සිදු කළ යුතු බව දන්නවා. මේ ගමනේදී හවුල්කරුවකු වීමට කැනඩාව සතුටු වන නමුත්, ශී‍්‍ර ලාංකිකයන් විසින් සැබෑ ප‍්‍රගතියක් ඇති කළ යුතුය.” යනුවෙනි.

මේ අතර ශී‍්‍ර ලංකාවේ නෝර්වේ තානාපතිනි ජොයෑන් ඩොර්නවර්ඞ් මහත්මියද තමන් අතුරුදන් වූවන්ගේ කාර්යාලයට කොමසාරිස්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ප‍්‍රකාශ කළාය.

මෙලෙස අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා පත්කර ඇති කොමසාරිස්වරුන් වන්නේ නීතිඥ සාලිය පීරිස් (සභාපති), ජයතීප ප්‍රතියමූර්ති, විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහාන්ති අන්තෝනි පීරිස්, ශ්‍රියානි නිමල්කා ප්‍රනාන්දු, ටිරාක් රහීම්, සෝමසිරි කේ. ලියනගේ සහ කනපතිපිල්‍ලේ වෙන්තම් යන අයයි.

මූලාශ්‍රය – රිවිර

Related posts

බොදුබල ලිපියට ජනපති ඇස යයි.. මහබැංකුව ශරියාකරණය කරනවාද? ජනපති කාර්යාලය හොරාගෙ අම්මගෙන් පේන අහයි

colombotoday

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday

ඇගමැතිට අලුත් කාර් එකක් ගන්න කෝටි හයක පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday