Colombo Today Local News

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත නිලධාරී මණ්ඩලයක් පත් කර තිබේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ය.

ජයදීපා පුන්‍යමූර්ති, මේජර් ජනරාල් මොහාන්. පී. පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරාක් රහීම්, නීතිඥ සෝමසිරි ලියනගේ හා කනපතිපිල්ලෙයි වෙන්දන් යන අය සෙසු සාමාජිකයන් ලෙස පත්කර ඇත.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ, කාර්යාලයේ සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ඊයේ ජානධිපතිතුමා විසින් ලබාදුන් බවයි.
ඒ අනුව ඉදිරි සතියේ සාමාජිකයින් රැස්වී ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පැවසුවේ ය.

2016 වසරේදී අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතට අනුමැතිය හිමි විය.

මෙම කාර්යාලය මගින් පසුගිය කාලයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමටත්, ඥාතීන්ට සාධාරණය ඉටු කිරීමටත් නියමිත බව සාලිය පීරිස් මහතා ප්‍රකාශ ක‍ළේ ය.

Related posts

අල්ලසක් ගත් අවස්ථාවේ සී.සී.ටී.වී දර්ශන ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් දෙන්නෙ නැතිලු

colombotoday

රිෂාඩ්ගේ නිවසේදී පිළිස්සි මිය ගිය ඉෂාලිනිගේ දේහය යළි ඥාතීන් වෙත

colombotoday

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

colombotoday

“කුමන භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි දන්නේ නැ.. අඩු කරන්නෙ මෙහෙමයි කියලා දන්න කෙනෙක් ඉන්නව නම් මාව හම්බුවෙන්න”

colombotoday

පානීය ජල බෝතලෙත් සැගවුණු මාරයෙක්, වර්ග 37ක් ප්‍රමිතියෙන් තොරයි.

colombotoday

රෝහලෙන් ගෙදර ආ කාන්තාවකට යළිත් කොරෝනා හැදිලා

colombotoday