Colombo Today Local News

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

දුම්කොළ වගාව 2020 දී තහනම් කිරීමට රජය තීරණය කොට ඇතත් ඒ පිළිබඳ චක‍්‍රලේඛයක් මේ වනතුරුත් අදාල රාජ්‍ය ආයතන, නිලධාරින් හා පුද්ගලයන් වෙත යවා නැතැයි හෙළිවේ.

මේ හේතුවෙන් එම තහනම පිළිබඳ  නිල ලියවිල්ලක් නැතත් බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරිහු දුම්කොළ වැවීමේ තහනම ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙළ ගැසී සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන ඒකකය මඟින් කළ අධ්‍යයනයක දී හෙළි වූ  බව එම අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා කොළඹ 5 ජානකී හෝටලයේ අද (27) පැවැති වැඩමුළුවක දී ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව අතීතය වර්තමානය හා අනාගතය මැයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය සහ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බළකාය මඟිනි.

දුම්කොළ වගාව තහනම් කිරීමේ ලොකුම බාධාව වී ඇත්තේ ලංකා දුම්කොළ සමාගම බව ද රාජසූරිය මහතා එහි දී ප‍්‍රකාශ කළේය.

දුම්කොළ වගාව රටින් තුරන් කිරීම සපුරාගත හැකි ඉලක්කයක් බව අපේ අධ්‍යයනයෙන් පෙනී යනවා. අවශ්‍ය වන්නේ දුම්කොළ වගාවෙන් ජීවත්වන අයට විකල්ප වගාවන් සඳහා යොමු වීමට සහය වීමත්,සමාගම් දිගුදුර හස්තය වී සිටින බාන් හිමියන් (දුම්කොළ වේලන ස්ථාන) ක‍්‍රියාකාරිත්වය මර්දනය කිරීමත්  පමණයි.

අදටත් ගොවීන්ට ද්‍රව්‍යමය ආධාර මිලදී ගැනීමේ පොරොන්දුව දේශපාලන සම්බන්ධතා යන සියල්ල සමඟ ගොවියන්ගේ මිතුරන් සේ පෙනී සිටිමින් දුම්කොළ ගොවීන් සදාකාලික ණයකරුවන් කරන්නේ සමාගමයි.

මේ තත්ත්වය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමත් සමාගම හා දේශපාලකයින් අතර ඇති සබඳතා නවත්වා දැමීමත් තුළින් ද මේ වගාව තවත් අඩුවේවි.

ලංකාදීප

Related posts

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

මාතරම ආවරණය වෙන්න සන්නිවේදන කුළුණු 25ක්

colombotoday

මුලතිව්, කෝපාපිලව් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් වේ

colombotoday

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

“සමස්ත ජාතියම මහා තිගැස්මකට ලක්වෙලා” – හිටපු ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday

පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වලයි

Admin