Colombo Today Local News

විජයකලාගේ මැරයෝ නිවැසියන් එළියට ඇද දමා කොල්ලුපිටියේ නිවසක් අල්ලාගෙන

කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් ඇවනිවු හි සුවිසල් මන්දාරයක වසර 28ක කාලයක් කුලී පදනම මත පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු සහ එහි සිටි නිවැසියන් එළියට ඇද දමා මැරයන් පිරිසක් විසින් එම නිවස අල්ලාගෙන ඇතැයි වාර්තා වේ.

අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

අදාළ සිද්ධිය සිදුව ඇත්තේ පෙරේදා (20) දිනයේදී වන අතර මේ මැර පිරිස විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා විය.

එංගලන්තයේ පදිංචිව සිටින පුද්ගලයකුට අයත් මේ නිවස තුළ මෙසේ එළියට ඇදදැමූ නිවැසියන් වසර 28ක කාලයක් පිදිංචිව සිට ඇතැයි පැවසේ.

අදාළ මැර පිරිස් මීට පෙර මේ ව්‍යාපාරිකයාට මේ නිවසින් ඉවත්වන ලෙස කිහිප අවස්ථාවකදී තර්ජනය කර ඇති බවද වාර්තා වේ.

ව්‍යාපාරිකයා ඇතුළු පිරිස නිවසින් ඉවත් නොවූ නිසා මේ මාරයින් මෙලෙස පැමිණ එහි නිවාසියන්ට පහරදී එම මන්දිරය අත්පත්කර ගෙන තිබේ.

මැර පිරිසේ පහර කෑමට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවද පැවසේ.

Related posts

පොලවේ ඉදන් හඳ අල්ලන සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත

colombotoday

බියර් මිල අඩු කළේ කසිප්පු, වල් රා බීම අඩු කරන්නයි.. දැන් ලාබෙට බියර් බොන්න පුළුවන් !

colombotoday

බාල ඉන්ධන තොගයක් ගෙන්වලා.. ගුවන් යානා අනතුරේ !

colombotoday

මම ජනාධිපතිවරණයට එනවනම් මහින්ද, බැසිල් කැමති වෙන්න ඕන

colombotoday

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත්වීමට එරෙහිව සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

Admin

“ඩීසල් ගොඩබාන්න බැරි උනා. අදයි හෙටයි පෝලිම් වල ඉන්න එපා”

colombotoday