Colombo Today Local News

පැරකුම් රජුගේ ‘කුමාර පොකුණ‘ ශෛලමය බේසම කඩා දමයි.. සංස්කෘතික-පුරාවිද්‍යා ලොක්කෝ ඇර ගනී !

පොළොන්නරුව ඓතිහාසික පරාක‍්‍රම රජතුමා විසු මාළිගාවේ තිබූ “කුමාර පොකුණ” හෙවත් “බේසම” කඩා කුඩුකර දමා ඇති බව මාළිගාව නරඹන්නන් පවසයි.

මෙම කුමාර පොකුණ රජකුමාරවරු සහ රජ පවුලේ සමාජිකයන් ස්නානය කිරිම සඳහා භාවිතා කළා යැයි සැළකෙන බැවින් “කුමාර පොකුණ” ලෙස හඳුන්වන බව ලේඛනවල සඳහන් වේ.

මෙය ඉදිකර ඇත්තේ පරාක‍්‍රම රජු විසින් වන අතර එය චුල වංශයේ සදහන් ඇත්තේ “නන්දන උයන” ලෙසය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්. එච්. ඒ සුමනදාස මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

“එම බේසම කඩලා කියලා අපට පණිවුඩය ලැබුණු වහාම අපි පොලිසියේ පැමිණිලි කළා. මේක අඩි 3×2 ප‍්‍රමාණයේ ගලෙන් නෙලන ලද භාජනයක්. එය හොයාගනිද්දිත් කැඩිලා තිබුණේ. පස්සේ ඒක ඒ කාලේදිම සිමෙන්ති දාලා අලවලා. ඒකත් එක්කම වැඩිපුර දැන් කැඩිලා තියෙනවා. මේකෙ වැඩි වගකීම තියෙන්නේ සංස්කෘතික අරමුදලට. නමුත් අපි මේ පිළිබඳව ඔවුන්ට දැන්වීමේදී ඔවුන් ,”මේක සුළු දෙයක්නෙ” කිව්වා.

මේ පිළිබඳව අදහස් දක්වන පොළොන්නරුව සංස්කෘතික අරමුදල් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ,

“පුරාවිද්‍යා භූමිවල ඇති සියලුම දේ පිළිබඳව අයිතිය ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. එම භූමිවල අපේ ආයතනයෙන් වලක් හාරන්න වුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න ඕන. එහෙම එකේ ඔය කුමාරවරු ස්නානය කළ බේසම කැඩීමේ වගකිමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගන්න ඕන. ඒ බේසම කලින් කැඩිලා තිබුණ එකක්. ඒක හරියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරලා නැ. සිමෙන්ති ගාලා අලවලා තිබුණේ. එහෙම කරපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් අපට වරද පටවනවා” යැයි කීය.

කෙසේ නමුත් මෙම ආයතන දෙකම රට පුරා ඇති ඓතිහාසික වටිනාකමින් යුත් වෙහෙර විහාර සහ රජවරු පරිහරණය කළ මාළිගා ඇතුඑ සියලු දේහි භාරකරුවන් වේ. ඔවුන් මෙම ස්ථාන දෙස් විදෙස් ජනතාවට නැරඹීමට සලස්වා විශාල මුදලක් ලබා ගනියි.

සීගිරිය,වටදාගෙය, ගල්විහාරය ඇතුඑ රටේ ඇති ඓතිහාසික ස්ථාන කඩා ගල්වලට වික්කත් මෙම නිලධාරින් ගන්නා පියවර පොලිසියට පැමිණිලි කිරිම පමණක් නම් මෙම ස්ථාන ආරක්ෂා කිරිමටත් ඒ සදහා දහස් ගණන් නිලධාරින් පත් කර රටේ ජනතාවගේ මුදලින් වැටුප් ලබාදීමෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්දැයි පවසන ජනතාව මෙම දෙගොල්ලම එළවා දමා පොලිසියම ආරක්ෂාවට යෙදීම උචිත බවද කියා සිටී.

පරාක්‍රමබාහු රජුගේ මාළිගය
විනාශ කර දමා ඇති කුමාරවරු ස්නානය කළ කුමාර පොකුණ

ඩබ්ලිව් . ඒ පියතිලක -හිගුරක්ගොඩ

ජායාරූප – ශ්‍රී ලංකා මිරර්

Related posts

ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණෙන්නැයි සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනපතිගෙන් යළි ඇරයුම්..

colombotoday

“දමිළ විනිසුරුවරුන් විශ්වාස නෑ.. යාපනේදී හමුදා නිලධාරීන් සිරගත කිරීම සැක සහිතයි“

colombotoday

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

colombotoday

කොවිඩ් ආසාදිත අසාද්‍ය රෝගීන්ට ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර 1,000 ක් ආනයනයට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යාංශය

colombotoday

ETCA අත්සන් කර, දකුණු ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කළාපයක් – අගමැති ඉන්දියාවේදී යෝජනා කරයි

colombotoday

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin