Colombo Today Local News

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වන බැවින් විපක්ෂ නායක ධුරය එම පක්ෂයට ලබාදිය නොහැකි බවයි.

මේ අතර විපක්ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන්නැයි කථානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීමට කටයුතු කරන බව එහි නායක දිනේෂ් ගුණවර්ධන මහතා “මව්බිම“ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

Related posts

යලිත් දිවයින පුරා ඇඳිරිනීතිය

colombotoday

තවත් ගෑස් නැවක් කොළඹ වරායට.. ප්‍රමිතිය පරීක්ෂා කිරීම ඇරඹෙයි

colombotoday

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද? නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා

colombotoday

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin

උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට ආණ්ඩුවෙන් වන්දි මුදලක්

colombotoday

වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 54,810ක් විනාශයි

Admin