Colombo Today Local News

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක් නෑ.. තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල්…

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද(19) ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් අතර අද (19 වැනිදා) දහවල් 12.00 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගැනෙනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

වත්මන් දේශපාලන තත්ත්වය සහ අද දිනයේදී පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ආකාරය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ඊයේ (18) පස්වරුවේ ද ජනාධිපතිවරයා හමුවූ අතර එම සාකච්ඡාවට සහභාගී වී සිටි සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන්යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න හා තිලංග සුමතිපාල යන මහත්වරුන් විසින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනා කර ඇති අතර ජනාධිපතිවරයා ඊට එකඟත්වය පළකර නොමැත.

”මේ ඔයාල කිපදෙනාගේ අදහස්නේ. එහෙම තීරණ ගන්න බැහැ . අපි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්කරලා තීරණයක් ගමු.” යයි ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

මේ අතර යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා යුතුයැයි ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක ඇමතිවරයා මෙන්ම්, විජිතමුණි සොයිසා. එස්.බී දිසානායක ඇතුළු මැතිවරණය පැරදී ජාතික ලයිස්තුවෙන් පැමිණ ඇමතිකම් දැරූ ඇමතිවරු දැඩි ස්ථාවරයක සිටින බවද වාර්තා වේ.

Related posts

තිළිණි ප්‍රියමාලි කුලී නිවසේ ලයිට් බිලටත් පොලු තියලා

Admin

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද

Admin

ලක්ෂ 62 ජනවරම මත ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ මන්ද මානසිකයන් විතරයි !

colombotoday

සීඅයිඩිය හා ශානිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ පොලිසි යයි

colombotoday

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන සතියේ…

colombotoday