Colombo Today Local News

එජාපය මොකක් කීවත් වැඩක් නෑ.. අපි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා – දයාසිරි

එක්‌සත් ජාතික පක්‍ෂය දැන් මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ ආණ්‌ඩුවක්‌ හැදීමට තම පක්‍ෂය ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ නැති බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ (15 වැනිදා) පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ යහපාලන ආණ්‌ඩුව 2020 වසර තෙක්‌ පවත්වාගෙන යන බවට ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ කළ ප්‍රකාශය සමග ශ්‍රීලනිපය එකඟ වෙනවා දැයි නැගූ පැනයට පිළිතුරු දෙමින් ජයසේකර මහතා එසේ කීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජයසේකර මහතා මෙසේද කීය.

“අපි එයාලට කරුණු කිහිපයක්‌ දැන්වූවා. ඒ කිසි දෙයකට ඔවුන් එකඟ වුණේ නැහැ.” විශේෂයෙන් අගමැති ධුරයේ වෙනසක්‌ කරන්න කියලා ඉල්ලා සිටියා. ඒත් ඔවුන් ඒ වෙනස කරන්න කැමැති නැහැ.

“ඒ වෙනස්‌කම් කරනවා වෙනුවට තමන් තනි ආණ්‌ඩුවක්‌ හදන බවට එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු තැන තැන බයිලා කියන්න පටන් ගත්තා. අපිට අභියෝග කරන්න ගත්තා. ඒ අභියෝගයට අපි ලෑස්‌තියි. ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්‌ඩුවක්‌ හදන්න අපි දැනටමත් තීරණය කරලා අවසන්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන අපට ඉන්නවා” යෑයි ද දයාසිරි ජයසේකර මහතා තවදුරටත් පැවසීය.

– දිවයින

Related posts

පුංචි ඡන්දයෙන් පසු නව ව්‍යවස්ථාවේ වැඩ ඉක්මන් කරනවා – සම්බන්ධන්

colombotoday

අනවශ්‍ය බලපෑම්වලට බලවත් විරෝධය.. රටට හිතැති වෘත්තිකයෝ මෝදිට ලිඛිතව දන්වයි

colombotoday

ආගමන විගමන නිලධාරීන් 450කට කොවිඩ් එන්නත

colombotoday

විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩි වෙයි

colombotoday

වසර 35කට පසු ලංකාව ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගනී !

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කෙරේ…

Admin