ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවබෝධතා ගිවිසුමක් ඇතිකරගැනිම සදහා කටයුතු සිදුවන බවට වාර්තා වනවා.
ඒ සදහා මේ වන විටත් ආණ්ඩුවේ සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන්ගෙන් බහුතරය කැමැත්ත පලකර ඇති අතර, නව ආණ්ඩුවක් සදහා කැමැත්ත පලකරමින් ඔවුන්ගෙන් දිවුරුම් ප්රකාශයක් සදහා අත්සත් ගැනෙමින් පවතින බවද පැවසෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ප්රබලයෙකු පැවසුවේ කැබිනට් සංශෝධනයක් වන බවත්, එජාප-ශ්රීලනිප සම්මුති ආණ්ඩුව ඉදිරියටත් කරගෙන යන බවට පැතිර යන පුවත් එජාපය විසිල් පැලකරන ලද ඒවා බවයි.