කතානායක කරූ ජයසුරිය අග්රාමාත්ය ලෙස පත් කිරීම සඳහා තිරය පිටුපස කුමන්ත්රණයක් දියත්වෙන බව වාර්තා වෙනවා.
මීට දින දෙකකට ඉහතදී රාජපක්ෂ පාලන සමයේදී රටින් පැනගොස් සිටි, දැනට හිල්ටන් හෝටලයේ සහ ලේක් හවුස් සභාපති ලෙස කටයුතු කරන ක්රිෂාන්ත කුරේ නැමැත්තා සමග හිල්ටන් හෝටලයේදී ජනාධිපතිවරයා විශේෂ සාකච්චාවක් පවත්වා තිබෙනවා.
මෙම සාකච්චාවෙන් පසුව, කතානායක කරූ ජයසූරියගේ සමීපතම හිතවතෙකු ලෙස සැලකෙන ක්රිෂාන්ත කුරේ රහසිගතව කතානායක සහ ජනාධිපතිවරයා මුනගස්සවා තිබෙනවා. එහිදී කරූ ජයසුරිය අගමැති කර නව රජයක් සැදීම සදහා පිඹුරුපත් සකස් කල බවයි වාර්තා වන්නේ.