Colombo Today Local News

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

ගුවන් සමාගම දිනෙන් දින වලපල්ලට ගියත් මිලියන 04ක් වැටුප් ලබන ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්ත තවමත් ශ්‍රීලංකන් සමාගමේ සිත්සේ රාජකාරී කරන බව අප සඳහන් කළෙමු. තවද මැතිවරණය අතරතුර දේශපාලන විරුද්ධ මත දැරීම හේතුවෙන් සිදුකරන ලද සේවක මාරුකිරීම් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයෙන් අත්හිටුවා තිබුණි.

නමුත් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගෝලයකුවන සියවසේ අසාර්ථක ඉංජිනේරු අංශ ප්‍රධානියා විසින් සේවක දඩයම ඡන්දයට පසුදා සිටම ආරම්භකරන ලදුව ඇත්තේ තමා නියෝජනය කළ මතය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම හේතුවෙනි. මේ වන විටත් සේවකයින් කිහිප දෙනකුට ස්ථාන මාරුවීම් ඊමේල් පණිවුඩ මගින් දන්වා ඇති බවද සඳහන්ය.

තවද වසර 30ක අඛණ්ඩ සේවයක් සිදුකරන ලද එහි කීර්තිමත් ප්‍රධාන ඉංජිනේරුවකු වන රෙහාන් ප්‍රනාන්දු මහතා සේවය හැරදා යන තත්වයට කටයුතු කිරීම හේතුවෙන් ඔහු ඊයේ දිනයේදී ශ්‍රීලංකන් ආයතනයට ආයුබෝවන් කීය.

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය විසින් නිර්දේශ කරනු ලදුව මිලට ගත් නවීන එයාර්බස් 320neo මාදිලියේ ගුවන්යානා සියල්ල (4R-ANA, 4R-ANB, 4R-ANC, 4R-AND හා 4R-ANE) යාන්ත්‍රික දෝෂ හේතුවෙන් ගුවන්ගමන් වලට දායක නොවේ. ඉන් යානා 02ක එන්ජින් නැවත මාරු කොට ඇත්තේ එකක් ඇමරිකානු ඩොලර් 275,000ක් බැගිනි. මෙම යානා වල පවතින දෝෂ හේතුවෙන් සෑම ගුවන් පැය 650කටම වරක් ඇමරිකානු ඩොලර් 15,000 ක් වියදම් දරමින් එන්ජින් වල හෝස් මාරු කිරීමටද සිදුව ඇත.

මේවා ලබාගැනීමේදී නිසි වගකීම් ලබාගෙන තිබුණද එහි ප්‍රධානියා විසින් අත්තනෝමතික ලෙස නැවත අළුතින් මුදල් ගෙවමින් නඩත්තු කටයුතු කරන්නේ මන්දැයි සේවකයෝ ප්‍රශ්න කරති.

යහපාලන රජය පත්වූයේ මෙවැනි මුදල් නාස්තීන් නවතා මහජනයාට යහපත් සේවයක් සැලසීමටයි. විශේෂයෙන් ශ්‍රීලංකන් වැනි රටේ මුදල් කාබාසිනියා කරමින් සිටින ආයතනයක ප්‍රධානීන් මෙයට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් සිදුවන වැරදි පෙන්වා දුන් විට එම සේවකයින්ට මාරුවීම් ලබාදීම හිසරදයට කොට්ට මාරු කිරීමක් බවත් එහි සේවකයෝ පවසති.

රොෂෙල් ඩි සිල්වා

Related posts

කෝටි 2 ක අයිස් සමග සකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

colombotoday

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

colombotoday

“විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ටත් අයිතියි.. මම ඔවුන්ගේ පැත්තෙයි“ – ඇමති රාජිත

colombotoday

අධිකරණය ගැන ලොකු කතා කී නීතීඥ සුගන්ධිකා අධිකරණයට නුසුදුසු ඇදුමක් ඇදන් ගිහින්.. විනිසුරුගෙන් දැඩි අවවාද.. නඩුවලට පෙනී නොසිටම ආපසු ගිහින්

colombotoday

උ/නැගෙනහිර එක්කරනු.. ෆෙඩරල් දෙනු – විග්නේෂ්වරන් පරණ තැටියම වයයි

colombotoday

දහවල් බූස්ටර් එන්නත ලබා ගත් යුද හමුදා කෝප්‍රල්වරයකු රාත්‍රියේ ඇදවැටී මියගිහින්

colombotoday