Colombo Today Local News

ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් මතුවේ

පළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ ඇතුලත්ව එක් පක්ෂයකට පමණක් කතිරය යොදා තිබේ.

ව්‍යාජ ඡන්ද පත්‍රිකා 143 අත් අඩංගුවට ගත් පුද්ගලයා ලග තිබී පොලිස් නිලධාරින් සොයා ගෙන ඇත. ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට පුත්තලම පොලීසියට භාර දී තිබේ.

මෙම පුද්ගලයා (10) වැනිදා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

[ad id=”43600″]

 

Related posts

2019 මැතිවරණ වසරක්… සූදානම්වන්නැයි ජනපති ශ්‍රීලනිපයට දැනුම් දෙයි…

colombotoday

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

colombotoday

අපේ ආණ්ඩුවට වැරදුනා…

colombotoday

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin

යාපනය උණුසුම්.. සරසවි සිසුන් A-9 පාර වසා උද්ඝෝෂණයේ

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday