Colombo Today Local News

ඡන්දෙන් පසු අලුත් ආණ්ඩුවක්.. කණ්ඩායම් තුනක් රහස් කතා..

පළාත් පාලන මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කණ්ඩායම් තුනක් විසින් තීරණාත්මක සාකච්ඡා ආරම්භ කර තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයෙන් කුමන ප්‍රතිඵලයක් ලැබුණද දූෂණයෙන් තොරව නව දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනටමත් යෝජනා කර තිබෙන බව එම පක්ෂයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයෙක් පැවැසීය.

අගමැති ධුරයට නම් කිහිපයක් :

නව ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් ඒ සඳහා දූෂණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් ජනතා නියෝජිතයන්ට ආරාධනා කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කෙළේය.

එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී තිබෙන බවද එම අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

එජාප තනි ආණ්ඩුවක් :

මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළහොත් එම පක්ෂයේ තනි ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙසට පක්ෂයේ විශාල පිරිසක් මේ වන විට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබෙන බව එම පක්ෂයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එම ජනමතයට ගරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද සහාය ලබාගැනීමට කටයුතු කරන බවද එම අමාත්‍යවරයා සඳහන් කෙළේය.

මහින්ද අගමැති කිරීමේ සුදානම :

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළහොත් ඒ ජනවරම අනුව අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කර නව ආණ්ඩුවක් ගොඩනැඟීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනවරමට ගරු කරමින් තීන්දුවක් ගැනීමට සිදුවන බවද එම නියෝජිතයා පෙන්වා දුන්නේය.

එවැනි අවස්ථාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසකගේ සහායත් තවත් දේශපාලන පක්ෂ කිහිපයකගේම සහායත් ලබාගැනීමට කටයුතු කරන බවද ඒකාබද්ධ විපක්ෂයේ එම ජේ‍යෂ්ඨ නියෝජිතයා ප්‍රකාශ කළේය.

‘ඔය කියන කිසිවක් වන්නේ නෑ..’

මේ කණ්ඩායම් තුන පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් කුඩා දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමටද මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලයක් දරන ජේ‍යෂ්ඨ ඇමැතිවරයකුගෙන් මේ තත්ත්වය ගැන කළ විමසුමේදී, ‘ඔය කියන කිසිවක් වන්නේ නෑ. කලින් වගේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2020 වනතුරු යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යනවා ” යයි ඔහු කීවේය.

(ඉරිදා මව්බිම)

Related posts

තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11ක් වසා දැමේ

colombotoday

සමෘද්ධිලාභී හැම පවුලකටම සූර්ය පැනලයක්… රු 3500ක මාසික ආදායමක් සමග ජාතියට විදුලිය

colombotoday

ලයන් බියර් කොම්පැණියට මුදල් ඇමතිගෙන් සුපිරි බදු සහන.. බිලියන ගණනක් රජයට පාඩුයි !

colombotoday

ලබන වසරේ නව සන්ධානයක්.. – හිටපු ජනපති මෛත්‍රී

Admin

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

colombotoday

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday