Colombo Today Local News

නව ව්‍යවස්ථාවට පොල්ල දමන, ගිය ආණ්ඩුවේ චූදිතයන් හිරේ නොදමන “තක්කඩියෙක්“ ගැන වික්‍රමබාහු හෙළිකරයි (Video)

නව ව්‍යවස්ථාව ගෙන ඒමට සහ පසුගිය පාලන සමයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රභූන් අත් අඩංගුවට ගැනීම වළක්වමින් ජනාධිපතිවරයා තහංචි දමන බව නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකාව සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ මුලික කටයුතු සිදු කර තිබුනද එය ඉදිරියට ගෙන යාමේ කටයුතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් වලක්වා ඇති බව හෙතෙම චෝදනා කර සිටී.

“ව්‍යවස්ථාව ඉදිරියට ගෙන යාමට තහංචිය දාලා තියෙන්නේ මේ තක්කඩියාම තමයි,” යනුවෙන් වික්‍රමබාහු කරුණාරත්න සදහන් කළේ කොළඹ මහ නගර සභා මැතිවරණයට කොඩි දෙක ලකුණින් ඉදිරිපත් වි සිටින යහපාලනය සදහා වු ජාතික පෙරමුණේ අවසන් මැතිවරණ රැස්වීම බදාදා 7 කොළඹදී අමතමිනි.

පසුගිය සමයේ රටේ සිදුවු අපරාධ සම්බන්ධයෙන් පොලිසිය විසින් අනාවරණය කරගනිද්දී එම පරීක්ෂණ නවත්වන ලෙස බලපෑම් කරන්නේ ජනාධිපතිවරයා විසින් බවට ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එහිදී චෝදනා කළේය.

Related posts

කොළඹ නුවර ප්‍රධාන පාරට ගසක් කඩා වැටෙයි

Admin

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට ගෙනා සයනයිඩ් කුප්පියක් සහ සිරින්ජරයක් හසුවේ

colombotoday

බැදුම්කර කොමිසමේ දුන් සාක්ෂි අවසන් වාර්තාවේ නෑ.. කඩුවෙන් වහන්න අලියා ලොකු වැඩිවෙයි !

colombotoday

විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය මුදා හැරීමට IMF විධායක කමිටු අනුමැතිය

Admin

ශ්‍රී පුර වෙඩිතැබීමකින් 26 හැවරිදි පුද්ගලයෙක් මරුට

Admin

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday