Colombo Today Local News

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

විල්පත්තු රක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම නැවත විභාගයට ගැනීම ලබන ජූනි 05 වැනි දිනට කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (08) නියෝග කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න මහත්වරුන් හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දෙන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.

පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවිනද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

Related posts

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

පාස්කු ප‍්‍රහාරය ගැන සත්‍යය හෙළි නොකරන කිසිම ජනාධිපති අපේක්‍ෂකයෙක් මා හමුවීමට එන්න එපා – මැල්කම් රංජිත් අගරදගුරුතුමා කියති

colombotoday

“සිංහල ජනාවාස, බුදු පිළිම උතුරට එපා“ විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් 24 දා විරෝධතා තුනක්

colombotoday

විදුලි බිලට එරෙහි විරෝධතාවලට එරෙහිව කටයුතු කරනවා – ඇමති කංචන කියයි

Admin

රක්කනාව දිය ඇල්ලේ ගිලී 9 හැවිරිදි දැරියක් ජීවිතයෙන් සමුගනී

colombotoday

සහරාන් හා අබුසාලී සමඟ සබදතා පැවැත්වු තවත් අයෙක් STF අත්අඩංගුවට

colombotoday