Colombo Today Local News

මුදල් ඇමති මංගලගේ ලිපිය ගැන CID පරීක්ෂණ…

මේවනවිට සමාජ ජාල ඔස්සේ හුවමාරුවන ලිපියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ගෙන් ඉල්ලීමක් කළ බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ මහතා පැවසිය.

පසුගිය 02 දාතමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ බව දැක්වෙන අත්සනින් නිකුත් කළ ලිපියක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වන ලිපිය සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා බව හඟවමින් ඔහුගේ අත්සනක්ද සහිතව මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරුවන ලිපිය අසත්‍ය ලිපියක් බවයි.

ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් පළාත් පාලන මැතිවරණය අරමුණු කරගෙන මෙවැනි දෑ නිර්මාණය කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා එමගින් කියා සිටියි.

Srilankamirror

Related posts

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

එජාපයේ ප්‍රබලයෙකුට මෙවර ඇමතිකම් නොදෙන බව ජනපති කියයි

colombotoday

GMOA නැවතත් සටන් බිමට… රාජිතට එරෙහිව අවි අමෝරයි…

colombotoday

දකුණේ ජාතිවාදය අවුස්සන්න එපා.. මහ ඇමති වැරදිනම් නඩු දාන්න – ජාතික සංහිදියා ඇමති

colombotoday

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය

colombotoday

ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

colombotoday